28 C
Colombo
Monday, November 17, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsLocalමන්න රමේෂ්ගේ ගෝලයෙක් අත්අඩංගුවට

මන්න රමේෂ්ගේ ගෝලයෙක් අත්අඩංගුවට

අවිස්සාවේල්ල, ඉහළතල්දූව ප්‍රදේශයේ නිවසක් වටලා කේරල ගංජා, මත් පෙති, තියුණු ආයුධ මෙන්ම මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයා ගත් මුදල් සමඟ පුද්ගලයෙක් පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

අත් අඩංගුවට ගත් සැකකරු 32 හැවිරිදි වියේ පසුවෙයි.

මෙම සැකකරු අවිස්සාවේල්ල ප්‍රදේශයේ සංවිධානාත්මක අපරාධකරුවෙක් වන ‘මන්න රමේෂ්’ නැමැත්තාගේ සමීපතමයෙක් බව පොලීසිය පවසයි. සැකකරු කැලණි ගඟ ආශ්‍රිතව නීතිවිරෝධී අයුරින් පතල් කැණීම් සිදුකරන බවට හා නීතිවිරෝධී මත්ද්‍රව්‍ය ජාවාරම සිදුකරන බවට පොලිස් විශේෂ කාර්ය බළකා සංවිධානාත්මක අපරාධ මර්ධන ඒකක නිලධාරීන්ට ලද තොරතුරක් අනුව වැටලීම සිදු කර ඇත.

සැකකරු සන්තකයේ තිබී මත්ද්‍රව්‍ය සහ මුදල්ද ඔහුගේ ත්‍රිරෝද රථයේ කාපට් එක යට සඟවා තිබියදී කඩු 2දෙකක්ද සොයාගෙන තිබේ. සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීම සඳහා අවිස්සාවේල්ල පොලීසිය වෙත භාර දී තිබේ.