29 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsපනත් 05කට කතානායකවරයාගේ සහතිකය හිමිවෙයි

පනත් 05කට කතානායකවරයාගේ සහතිකය හිමිවෙයි

පසුගියදා පාර්ලිමේන්තුවේ විවාදයට ගෙන සම්මත වූ පනත් කෙටුම්පත් 05 ක් සදහා කථානායක මහින්ද යාපා අබේවර්ධන සිය සහතිකය ඊයේ (17) සටහන් කළේය.

මේ අනුව පසුගිය 9 සහ 10 දෙදින පාර්ලිමේන්තුවේදී විවාද කර සම්මත වූ අපරාධ නඩු විධාන සංග්‍රහය (සංශෝධන), පුද්ගලනාශක බිම්බෝම්බ තහනම් කිරීම, අධිකරණ සංවිධාන (සංශෝධන), සිවිල් නඩු විධාන සංග්‍රහය (සංශෝධන), පළාත් සභා (මුද්දර ගාස්තු මාරු කිරීමේ) (සංශෝධන) යන පනත් කෙටුම්පත් සදහා මෙලෙස කථානායකවරයා සිය සහතිකය සටහන් කළේය.

ඒ අනුව මෙම පනත් 2022 අංක 2 දරන අපරාධ නඩු විධාන සංග්‍රහය (සංශෝධන)පනත, 2022 අංක 3 දරන පුද්ගලනාශක බිම්බෝම්බ තහනම් කිරීමේ පනත, 2022 අංක 4 දරන අධිකරණ සංවිධාන (සංශෝධන) පනත, 2022 අංක 5 දරන සිවිල් නඩු විධාන සංග්‍රහය (සංශෝධන) සහ 2022 අංක 6 දරන පළාත් සභා (මුද්දර ගාස්තු මාරු කිරීමේ) (සංශෝධන) පනත ලෙස ඊයේ (17) සිට බලාත්මක වේ.