26 C
Colombo
Sunday, October 26, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsLocalමාකඳුරේ මධුෂ්ගේ සමීපතමයෙක් හෙරොයින් සමග කොටු

මාකඳුරේ මධුෂ්ගේ සමීපතමයෙක් හෙරොයින් සමග කොටු

සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙකු වන මාකඳුරේ මධුෂ්ගේ සමීපතමයෙකු කැලණිමුල්ල ප්‍රදේශයේදී හෙරොයින් සමඟ අත්අඩංගුවට ගෙන තිබේ.

මුල්ලේරියාව පොලිසියේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව මෙම වැටලීම සිදුකර ඇත අතර ඊයේ (17) ඔහු අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී ඔහු සතුව තිබී හෙරොයින් ග්‍රෑම් 4යි මිලිග්‍රෑම් 680ක් සොයාගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.

43 හැවිරිදි මෙම සැකකරුට එරෙහිව ස්ත්‍රී දූෂණ, ගිනි අවි පෙන්වා මුදල් කොල්ලකෑම, හෙරොයින් ළඟ තබාගැනීම ඇතුලු විවිධ නඩු අධිකරණවල විභාග වෙමින් පවතී.

මොහු මාකඳුරේ මධුෂ්ගේ සමීපතමයෙකු බවට අනාවරණය වීම හේතුවෙන් රැඳවුම් නියෝග ලබාගෙන ඉදිරි විමර්ශන සිදු කිරීමට නියමිතය.