― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsLocalමහරගමදී මියගිය නර්තන ශිල්පිණියගේ මරණයට හේතුව පෙම්වතාගේ විහිලුවක්ලු

මහරගමදී මියගිය නර්තන ශිල්පිණියගේ මරණයට හේතුව පෙම්වතාගේ විහිලුවක්ලු

පසුගියදා මහරගම මහල් නිවාස කාමරයකදී ගෙළ වැලළාගෙන මියගිය නර්තන ශිල්පිණිය ඉමන්තිකා කුමාරි සම්බන්ධ සංසිද්ධියේ අලුත්ම තොරතුරු මේ වනවිට වාර්තාවී තිබේ.
කුරුණෑගල, හිරියාල සිට පැමිණි ඇයගේ මරණය සිදුවන්නේ ව්‍යාපාරික දෙදරු පියෙකු සමග අනියම් ඇසුරක් පවත්වමින් සිටින කාලයකය.
හිරියාල තරහගොල්ල ඈත පිටිසර දුෂ්කර ගමක ඉපදුණු ඇයව මිතුරු මිතුරියන් හඳුනන්නේ අචිනි හේරත් නමිනි.
රූපලාවණ්‍ය හා නර්තන කලාවෙන් ඉදිරියට යාමට ඇයට තිබුණ උවමනාවට ඇය කලක් නිට්ටඹුවේ නර්තන කණ්ඩායමකට සම්බන්ධව සිටියාය.
ප්‍රසංග වල ගීත වල පසුබිම් නර්තනයන් සිදු කිරීම ඇගේ කාර්යය විය.පසුව ඇයට ඒත්තු ගියේ කොළඹ ආවොත් ගමේ සිටිනවාට වඩා බොහෝ වැඩ වලට දායකවියහැකි බවයි.
වරින්වර කොළඹට ඒමට සිදුවීමත් ඈත සිට නිරන්තරයෙන් කොළඹ ඒම අපහසුවක් වූ නිසාත් ඇය කොළඹ අවට නැවතී සිය කටයුතු කරගන්නට උනන්දු වූ බව ඇගේ දෙමාපියන් පවසා ඇත. කෙසේ වෙතත් ඇය කොළඹ නතරවනවාට ඔවුන් කැමැත්තක් දක්වා නැත.

 දෙමව්පියන්ගේ බසට පිටුපෑ ඇය කොළඹ පැමිණ ගති පැවැතුම්ද වෙනස්කරගත් බව පැවසේ.
ඇයට නිවස සමග සම්බන්ධතාද ඉන් පසු නැතිවිය. ඇගේ මරණින් පසු මහරගම පොලිසියට පැමිණි ඇගේ මව කියා තිබුනේ,
‘‘අපි මේකට කැමති වුණේ නැහැ සර්. එයා ගෙදරින් කොළඹ ආවෙත් මේ නටන්න තෝරාගෙන. අපිට කතා කරන්නෙත් නැහැ. ගෙදර එන්නෙත් නැහැ. කතා කළොත් අපිට බණිනවා. ගෙදර එන්න කියන නිසා එයා ගෙදරට කතා කරන්නෙවත්, එන්නෙවත් නැහැ.’’
ඉමන්තිකා කුමාරිගේ ජීවිතය කොළඹදී  ගෙවුණේ සංගීත ප්‍රසංගවල, විවිධ වැඩසටහන්වලය. ඇගේ ජීවිතයට රැයක්, දවාලක් නැතිවිය. වසර දෙකක පමණක් ඒ නර්තන කණ්ඩායමක් හා කටයුතු කළ ඇය අත්තිඩිය ප්‍රදේශයේ කාමරයක් කුලියට ගෙන ඇය පදිංචි වූවාය. මේ අතරේ ඇගේ ජීවිතයේ මහා විපර්යාසයක් සිද්ධ විය. නිකවැරටියේ ව්‍යාපාරිකයකු ඇයට හමුවූයේ ගිය වසරේ මැයි මාසයේදීය.

නිකවැරටිය, මිල්ලගොඩ පදිංචි ඔහු විවාහක දෙදරු පියෙකි. මුදල් හදල්වලින් පිරිපුන් සාර්ථක පවුල් ජීවිතයක් ගතකළ ඔහු දරුවන්ගේ ඉගෙනීම් කටයුතුවලටත්, බිරිඳටත් ඒ යුතුකම් හා වගකීම් නොපිරිහෙලා ඉටුකළ අයෙකු විය. ඔහුට කුමාරි හමුවන්නේ ඔහු මිතුරන් පිරිසක් හා ගිය සංගීත ප්‍රසංගයකදීය. කුමාරිට ඇල්ම බැල්ම හෙලූ ඔහු ඇයගේ ජංගම දුරකතන අංකයද ගන්නේ අවශ්‍යතාවක් ඇතොත් කතා කරන ලෙස කියමිනි. දෙදෙනාගේ මිත්‍රත්වය දුරදිග යන්නේ විවේකී වේලාවට දෙදෙනා අතර සිදුවූ දුරකථන ඇමතුම් නිසාය. දෙදෙනා අතර ආදරයක් ඇතිවන්නේ ඒ අතරතුරය. විටින් විට කොළඹට එන නවුෆර් සමගින් සාප්පු සවාරි යාමද කුමාරිගේ පුරුද්දක් විය. නවාතැනේ සිටි කුමාරි නවුෆර් හට මෙසේ කීවාය.

‘‘ඔයා පවුල අත්හැරලා එන්න. අපි එකට ජීවත් වෙමු. පවුලට සැලකුවාට මට කමක් නෑ. අපි දෙන්නා වෙනම ජීවත් වෙමු.’’

මේ කුමාරි ඔහුට කී කතාවය. ඔහුද කුමාරිට පොරොන්දු වූයේ ඉක්මනින් පවුල අත්හැර එන බවය.
ඒ අනුව පෙම්වතා පසුගිය සැප්තැම්බර් මාසයේදී මහරගම දුම්රිය මාවතේ පිහිටි සුඛෝපභෝගී මහල් කාමර සංකීර්ණයකින් කාමරයක් කුලියට ගත්තේ රුපියල් තිස් දහසක මාසික කුලී පදනම මතය.

සැප්තැම්බරයේ සිට එම කාමරයටම වී නර්තන කටයුතුද කරගනිමින් තනිව ජීවත් වූ කුමාරි තම පවුල අත්හැර එම නිවෙසේ පදිංචියට එන්නැයි පෙම්වතාට බල කළාය. එහෙත් ඔහුට තම පවුල අතහරින්නට හිත දුන්නේ නැත. මෙය එකවර තීරණය කළ නොහැක්කක් නිසාම සතියකට වරක් හෝ දෙවරක් සවසක මෝටර් රථයේ පැමිණ කුමාරි සමගින් රැය පහන්කර උදෑසනම පිටව යාම ඔහු පුරුද්දක් කරගත්තේය. දෙදෙනා අතර රණ්ඩු සරුවල්ද වරින් වර ඇතිවිය. දෙදෙනා මුහුණු ළංකරමින් ගෙන ඇති ඡායාරූපයක් වට්ස්ඇප් සමූහ ගිණුමකින් සංසරණය වීමද දෙදෙනා අතර තවත් විශාල ප්‍රශ්නයක් වී තිබුණේය.
තරහවීම්, යහළුවීම් මැද ගිය මේ ප්‍රේම වෘත්තාන්තයේ අවසන් ප්‍රශ්නය සිදුවූයේ පසුගිය 12 වැනිදාය. ඒ ඔහු කුමාරිට කී කතාවක් නිසාය.

‘‘බබා, මම හැම දේම අතහැරලා රට යනවා. ඔයාවත් අතහැරලා.’’

ඒ ඔහු වට්ස්ඇප් හරහා යැවූ පණිවුඩයකි. තම පෙම්වතා තමන්ව මග හරින බව සැකකර සිටි කුමාරි ඔහු කී ඒ කතාව තදින්ම විශ්වාස කළාය. දෙදෙනා අතර වට්ස්ඇප් ඇමතුම් හරහා පැය ගණනක් කතා කෙරුණි. කුමාරි තම කඳුළ, සුසුම, කෝපය, තරහා, වේදනාව ඇතුළු තම හිතට ආ සියලු සිතුවිලි වට්ස්ඇප් අකුරුවලට එකතු කළාය. නමුත් අනියම් පෙමකට තදින්ම රැවටී සිටි ඇයට ඔහු හැර අන් සරණක් නොවීය. ඒ වනවිටත් දෙමාපියන්ටත්, සිය එකම සහෝදරයාටත්, මිතුරියන්ටත් මේ ප්‍රශ්න කීමට නොහැකි වූ ඇය තම ප්‍රශ්නය තනිවම විසඳා ගැනීමට උත්සහා කළාය.

‘‘මම රට යනවා කීවේ විහිළුවට. ඔයාව අවුස්සන්නයි එහෙම කිවේ’’ යැයි පෙම්වතා කුමාරිට කොච්චර කීවත් ඇය ඒ ගැන කිසිදු විශ්වාසයක් නොතැබුවාය. අවසානයේදී ඇය සිය අත සහ කකුල කපාගෙන ලේ ගලා යන ඡායාරූප දෙකක් පෙම්වතාට යැව්වේ ‘‘බලාගෙන ඉන්නවකෝ මම කරගන්න දේ’’ යි කියමිනි.

කුමාරිගේ ආවේගය, කේන්තිය, ඉක්මනින් වැරදි තීරණ ගැනීම ගැන මනා අවබෝධයක් තිබූ පෙම්වතා නිකවැරටියේ සිට ඉකුත් 12 දා සවසම මහරගමට ආවේය. මෝටර් රථය කිසිදු තැනක නොනවත්වා අධික වේගයෙන් පැමිණි ඔහු රාත්‍රී 09.30 වන විට කුමාරි නැවතී සිටි මහරගම සුඛෝපභෝගී නිවාස සංකීර්ණයෙන් කුලියට ගත් කාමරයට ආවේය. ‘‘කුමාරි, කුමාරි’’ ඔහු දොරට තට්ටු කළත් දොර ඇතුළෙන් අගුල්ලා තිබුණි. මොහොතක්වත් පමා නොවූ ඔහු දොර කඩා ගේ තුළට ගියේය. ඔහුට දැකගත හැකිවූයේ තම පෙම්වතිය කාමරයේ විදුලි පංකාවක එල්ලී සිටිනුය. උදව් උපකාර ඉල්ලා ඔහු කෑ ගසා සිටියත් කිසිවෙක් හෝ ඔහුට උදව් කිරීමට ඉදිරිපත් නොවීය.

විදුලි පංකාවේ එල්ලී සිටි සිය පෙම්වතියගේ ගෙලෙහි සිරවී තිබූ ලණුව ගලවා ගත් ඔහුට දැනුණේ ඇයට තවමත් පණ ඇති බවය. කෘතිම ශ්වසනයද දී ඇයව දෑතට ගෙන සිය මෝටර් රථයේම නංවාගෙන කළුබෝවිල ශික්ෂණ රෝහල වෙත ගෙන යනු ලැබීය. ඒ රාත්‍රී 10.15ට පමණය. කුමාරි පරීක්ෂා කළ රෝහලේ වෛද්‍යවරුන් කියා සිටියේ ඇය මියගොස් ඇති බවය.
සුඛෝපභෝගී මහල් කාමර සංකීර්ණයේ සී.සී.ටී.වී. කැමරා පරීක්ෂාවේදී මෙය ඝාතනයක් යැයි කීමට කිසිදු සැකයක් හෝ පරිවේශනීය සාක්කියක් හමුනොවීය. මරණකාරියගේ පශ්චාත් මරණ පරීක්ෂණයේදීද අනාවරණය වූයේ මරණයට හේතුව ගෙල සිරවීම බවය.