29 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsඅද විදුලිය කැපෙන්නේ මෙන්න මෙහෙමයි

අද විදුලිය කැපෙන්නේ මෙන්න මෙහෙමයි

ලංකා විදුලිබල මණ්ඩලය කරනු ලැබූ ඉල්ලීමකට අනුව අද (21) උදෑසන 8:30 සිට 5.30 දක්වා ලංකාව පුරා පැයක කාලයක් විදුලි කප්පාදු කිරීමට සිදුවෙන බව මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සභාපති ජනක රත්නායක පවසයි.

ඒ අනුව ලංකාව ප්‍රදේශ නවයකට බෙදා විදුලි කප්පාදුව සිදුකෙරේ. එමෙන්ම දකුණු පළාතේ පැය තුනක විදුලි කප්පාදුවක් සිදු කරන බවත් එය පෙරවරු 8:30 සිට 5.30 දක්වා කාලය තුළ සිදුකරන බවත් දකුණු පළාත ප්‍රදේශ තුනකට බෙදා පැය තුනක කප්පාදුව සිදු කරන බවත් ඔහු වැඩිදුරටත් කියා සිටියේය.

මේ වනවිට පැවැත්වෙන අපොස උසස් පෙළ විභාගයට මුහුණ දෙන සිසුන් අපහසුතාවයට පත් නොවන ආකාරයට විභාග පවත්වන ලෙස අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්වරයා සහ විභාග කොමසාරිස්වරයා විසින් ඉල්ලීමක් කර තිබේ.

ඒ අනුව පෙරවරු 8:30 -11.30 අතරත් 1.30-4.30 අතර විදුලි කප්පාදුවක් සිදු නොකර ඒ සම්බන්ධයෙන් අදාළ පාර්ශ්ව සමග සාකච්ඡා කර ඇති බවත් සුබදායි ආකාරයෙන් එය විසඳීමට කටයුතු කරන බව ඔහු ප්‍රකාශ කළේය.

https://www.pucsl.gov.lk/wp-content/uploads/2022/02/Power-Interruption-Schedule-21-02-2022.pdf