24.5 C
Colombo
Sunday, January 11, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsබූස්ටර් මාත්‍රාව ලබාගත්තද මුහුණු ආවරණ පැළඳීම අනිවාර්යයි

බූස්ටර් මාත්‍රාව ලබාගත්තද මුහුණු ආවරණ පැළඳීම අනිවාර්යයි

මෙරට තුළ බූස්ටර් එන්නත් මාත්‍රාව ලබා ගත් පිරිසගේ ප්‍රතිශක්තිකරණය අපේක්ෂිත මට්ටමට ළඟා වුවත් මුහුණු ආවරණ නොමැතිව උත්සව ආදියට සහාභාගී විය නොහැකි බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන පවසනවා.

වැඩිදුරටත් ඔහු සඳහන් කළේ බූස්ටර් මාත්‍රාව ලබාගත්තද මුහුණු ආවරණ පැළඳීම අනිවාර්යය බවයි.

උත්සව සහ සංගීත සංදර්ශන පැවැත්වීමට අවසර ඉල්ලමින් විවිධ ඉල්ලීම් ලැබෙන බවත් දැනට ගෙන්වා ඇති එන්නත් සියල්ල මහජනතාවට ලබා දීමෙන් පසුව ඔවුන්ගේ ප්‍රතිශක්තිය අපේක්ෂිත මට්ටමට ළඟා වුවහොත් එම ඉල්ලීම් සලකා බලන බවයි.

දැනට ක්‍රියාත්මක වන සෞඛ්‍ය නීතී රීති ඒ ආකාරයෙන්ම පවත්වා ගැනීම මගින් කොරෝනාවලින් ආරක්ෂා විය හැකි බවත් ඔහු ප්‍රකාශ කළේය.