පොලිස් වෙඩි පහරින් මියගිය අපරාධකරුවෙකු වන ‘රත්මලානේ රොහාගේ’ මස්සිනා රත්මලාන රස්ටම් වත්ත ප්‍රදේශයේ දී තියුණු ආයුධයකින් කපා ඝාතනය කර තිබේ.
එලෙස ඝාතනයට ලක්ව ඇත්තේ, මොරටුව කල්දෙමුල්ල ප්‍රදේශයේ පදිංචි අසංක සිල්වා නැමැති 43 හැවිරිදි ත්‍රීරෝද රථ රියදුරෙකි.
ඝාතනයට ලක් වූ පුද්ගලයා මීට මාස තුනකට පමණ ඉහත දී සැකකරුට අයත් නැති වූ ජංගම දුරකථනයක් මීට දෙදිනකට ඉහතදී රුපියල් 2,000 ක මුදලකට රස්ටම් වත්ත ප්‍රදේශයේ පුද්ගලයකුට උකස් කර තිබීම සම්බන්ධයෙන් ඇතිවූ බහින්බස් වීමක් දුරදිග යාමෙන් අනතුරුව එම ඝාතනය සිදුව ඇතැයි පොලීසිය පවසයි.
බරපතළ තුවාල ලබා වැටී සිටි පුද්ගලයා පැය භාගයකට පමණ පසුව කළුබෝවිල රෝහලට ඇතුළත් ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගොස් තිබේ.
ඝාතනය සිදුකළ පුද්ගලයාද තීරෝද රථ රියදුරකු වන අතර හිටපු පළාත් සභා මන්ත්‍රීවරයෙකුගේ රියදුරු ලෙස කලක් කටයුතු කළ අයෙක් බවත් රත්මලාන ‘කුඩු අංජු’ නැමැති මත්ද්‍රව්‍ය ජාවාරම්කරුගේ ඥාති සබඳතාවයක් තිබෙන පුද්ගලයකු බවටත් හඳුනා ගෙන ඇති අතර ඔහු ප්‍රදේශයෙන් පළාගොස් ඇති බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.
පළා ගිය සැකකරුද මත්ද්‍රව්‍ය භාවිතයට දැඩිව ඇබ්බැහි වූ අයෙක් බව පොලීසිය සඳහන් කරයි.
මෘත ශරීරය කළුබෝවිල රෝහලේ පුත්‍ර මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර මහෙස්ත්‍රාත් පරීක්ෂණය සහ පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වීමට නියමිතය.
ගල්කිස්ස මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක දිලීප සී පෙරේරා මහතාගේ උපදෙස් මත අපරාධ අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක දිනේෂ් චන්ද්‍රසිරි මහතා විසින් ඝාතනය පිළිබඳ පරීක්ෂණ පවත්වයි.