25 C
Colombo
Thursday, February 12, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsLocalරුමේනියාවේ අනතුරකින් ශ්‍රී ලාංකිකයන් දෙදෙනෙක් ජීවිතක්ෂයට

රුමේනියාවේ අනතුරකින් ශ්‍රී ලාංකිකයන් දෙදෙනෙක් ජීවිතක්ෂයට

රුමේනියාවේදී සිදුවූ රිය අනතුරකින් ශ්‍රී ලාංකිකයන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

රුමේනියාවේ අරාඩ් හෝරියා යන මාර්ගයේ ගමන් කරමින් සිටියදී පසුපසින් පැමිණි මෝටර් රථයක් ඔවුන්ගේ ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

අසේල බණ්ඩාර සහ ගයාන් සම්පත් නමැති විවාහක පුද්ගලයන් දෙදෙනෙක් මෙම අනතුරින් ජීවිතක්ෂයට පත්ව ඇත. 42 හැවිරිදි වියේ පසුවූ අසේල බණ්ඩාර මෙරට පිළියන්දල ප්‍රදේශයේ පදිංචි අයෙකු වන අතර ඔහු දෙදරු පියෙකි.

මේ අතර මියගිය අනෙක් ශ්‍රී ලාංකිකයා බේරුවල පදිංචි ගයාන් සම්පත් 40 හැවිරිදි වියේ පසුවූ අතර ඔහු එක්දරු පියෙකු බව වාර්තා වෙයි. ඔහුගේ බිරිඳ මේ වනවිට ගර්භණී අවදියේ පසුවෙයි.

ඔවුන් දෙදෙනා රුමේනියාවේ කර්මාන්තශාලාවක සේවයේ නිරතව තිබේ.