27.8 C
Colombo
Sunday, August 10, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsLocalවික්ටෝරියා ජලාශයේ ජල මට්ටම අන්තිම අඩියේ

වික්ටෝරියා ජලාශයේ ජල මට්ටම අන්තිම අඩියේ

මධ්‍යම කඳුකරයේ බොහෝ ප්‍රදේශවල මේ දිනවල පවතින වැසි රහිත වියළි කාලගුණය හේතුවෙන් වික්ටෝරියා ජලාශයේ ජල මට්ටම පතුලටම සිඳී ගොස් ඇත.

ජල විදුලිය නිෂ්පාදනය සඳහා ජලය මුදා හැරීම සහ කෘෂිකාර්මික කටයුතු සඳහා ජලය ගබඩා කර ගන්නා ප්‍රධාන ජලාශයක් වන වික්ටෝරියා ජලාශයේ ජලය දිනකට ඝණ මීටර් ලක්ෂ ගණනින් සිඳියමින් පවතින බව මහවැලි අධිකාරිය පවසයි.

මේ වන විට වික්ටෝරියා ජලාශයේ ජල මට්ටම පහත වැටී පැරණි තෙල්දෙණිය නගරය මතුවීමට ආසන්නව පවතින අතර සිඳියමින් පවතින ජලාශය දැක ගන්නට විශාල පිරිසක් පැමිණෙන බව ප්‍රදේශවාසීහූ පැවසුහ.