28.4 C
Colombo
Thursday, June 25, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsLocalචමුදිතගේ නිවසට එල්ල වූ සිද්ධිය සම්බන්ධයෙන් පුෂ්පිකා පොලිසියට කැඳවයි

චමුදිතගේ නිවසට එල්ල වූ සිද්ධිය සම්බන්ධයෙන් පුෂ්පිකා පොලිසියට කැඳවයි

මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රමගේ පිළියන්දල නිවසට ගල් සහ අසූචි ප්‍රහාරයක් එල්ල කිරීම සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා කිරුළ අහිමි වූ ශ්‍රී ලංකා විවාහක රූ රැජිණ පුෂ්පිකා ද සිල්වා පිළියන්දල පොලිසිය වෙත කැඳවා තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් ඇය දන්නා තොරතුරු ඇතොත් එහිදී ලබා ගැනීමට අපේක්ෂා කරන බව පොලිස් ස්ථානාධිපතිවරයා වැඩිදුරටත් පැවසීය.

කෙසේ වෙතත් පුෂ්පිකා ද සිල්වා පැව්වසුවේ මේ සම්බන්ධව මෙතෙක් ඇය දැනුවත් නැති බවයි. හිටපු ශ්‍රී ලංකා විවාහක රූ රැජිණ පුෂ්පිකා ද සිල්වා චමුදිත සමරවික්‍රම විසින් මෙහෙයවනු ලබන යූ ටියුබ් සම්මුඛ සාකච්ඡාවකට සහභාගී වී තිබුණු අතර එහිදී ඇය ඇතැම් ආන්දෝලනාත්මක කරුණු ඉදිරිපත් කර තිබුණු බවට සමාජ මාධ්‍යවල අදහස් පළ විය.