බෝගස්වැව පොලිස් වසමේ 3 වන පටුමග, නන්දිමිත්ර ප්රදේශයේදී යකඩ ඉන්නකින් පහර දී පුද්ගලයෙකු ඝාතනය කර තිබේ.
මෙම පහරදීමෙන් මිය ගොසේ ඇත්තේ 54 හැවිරිදි නන්දිමිත්රගම ප්රදේශයේ පදිංචිකරුවෙකි.
පුද්ගලික ආරවුලක් මත දෙදෙනෙකු අතර ඇති වූ බහින්බස් වීමක් දුරදිග යාමෙන් මෙම ඝාතනය සිදු කර ඇති අතර 51 හැවිරිදි එම ප්රදේශයේම පදිංචි සැකකරුවෙකු සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය පවසයි.
මිය ගිය පුද්ගලයාගේ මෘත ශරීරය වවුනියාව රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර පශ්චාත් මරණ පරීක්ෂණ සිදු කිරීමට නියමිතය.
බෝගස්වැව පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වයි.