― political ―

අලුත් දේවල් හඳුන්වා දීම වික්‍රමසිංහ පරම්පරාවේ ලක්ෂණයක් – අගමැති

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා උතුරේ සිට දකුණටත්, නැගෙනහිර සිට බටහිරටත් ජනතාවගේ මූලික අවශ්‍යතා හිඟයකින් තොරව ලබාදීමට කටයුතු කළ ශ්‍රේෂ්ඨ නායකයෙක් බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන...
HomeNewsශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ නව අධ්‍යක්ෂකවරයා වැඩ බාරගනී

ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ නව අධ්‍යක්ෂකවරයා වැඩ බාරගනී

ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස ආචාර්ය බී.විජයරත්න අද (22) වැඩ බාර ගත්තේය.

බී. විජයරත්න උඩුතුත්තිරිපිටිය කනිෂ්ඨ මිශ්‍ර විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය ලැබූ අතර යක්කල – අනුර මහා විද්‍යාලයෙන් උසස් අධ්‍යාපනය ලබා තිබේ. අනතුරුව, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයට ඇතුළත් වූ ඔහු එහිදී විද්‍යාවේදී රාජ්‍ය පරිපාලන විශේෂ උපාධිය ලබා ගත්තේය.

එම විශ්වවිද්‍යාලයෙන්ම රාජ්‍ය පරිපාලනාපති ශාස්ත්‍රපති උපාධිය ලබාගත් විජයරත්න මහතා, අමෙරිකා එක්සත් ජනපදයේ හොනලලු විශ්වවිද්‍යාලයෙන් ආචාර්ය උපාධිය ලබා ගෙන තිබේ. ශ්‍රී ලංකා පරිපාලන සේවයේ පළමු පත්වීම ලෙස පදවිය බල ප්‍රදේශයේ ආණ්ඩුවේ සහකාර ඒජන්ත ලෙස පත්වීම් ලද ඔහු මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල් ලෙසද සේවය කළේය.

ශ්‍රී ලංකා සංවර්ධන පරිපාලන ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල්, ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ අතිරේක ලේකම්,යෞවන කටයුතු හා නිපුණතා සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම්, කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් යන තනතුරු ද ඔහු විසින් හොඹවනු ලැබීය.

ජාතික වැවිලි කළමනාකරණ ආයතනය සහ සමාජ සුබ සාධක මණ්ඩලය යන ආයතනවල සභාපති ධුරවල ද ඔහු ක්‍රියා කොට තිබේ. බී විජයරත්න මහතා ජාතික අධ්‍යාපන ආයතනයේ හා විදුලි බල මණ්ඩලයේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයෙක් ආයතනයේ හා විදුලි බල මණ්ඩලයේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයෙක් ලෙස ද ක්‍රියා කරයි.