27.2 C
Colombo
Wednesday, February 18, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsLocalහන්තානේ ඉඩම් කොල්ලය ඇමති මැදිහත්වීමෙන් නවතී

හන්තානේ ඉඩම් කොල්ලය ඇමති මැදිහත්වීමෙන් නවතී

හන්තාන රක්ෂිතය තුළ දැඩි පාරිසරික හානියක් සිදු කරමින් ඉඩම් කට්ටි කිරීමක් සිදුවන බවට කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේට තොරතුරු අණාවරණය වීමත් සමඟ ඊට අදාළ කඩිනම් පියවර ගැනීමට අමාත්‍යවරයා කටයුතු කර තිබේ.

ජනතා වතු සංවර්ධන මණ්ඩලයට අදාළ ඉඩම් කට්ටි කිරීම මෙන්ම සිදුවන පාරිසරික හානි වහාම නතර කිරීමට කටයුතු කරන ලෙස කෘෂිකර්ම අමාත්‍යවරයා නියෝග කළේය.

ඒ අනුව මේ වන විට අදාළ ප්‍රදේශයේ සිදුවෙමින් පැවැති පාරිසරික හානිය නැවතී තිබේ.