27.8 C
Colombo
Thursday, May 15, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsLocalහොර PCR වාර්තා හැදූ තිදෙනෙක් මීගමුවේදී අත්අඩංගුවට

හොර PCR වාර්තා හැදූ තිදෙනෙක් මීගමුවේදී අත්අඩංගුවට

විදේශගත වීමේදී ගුවන්තොටුපල බලධාරීන්ට ඉදිරිපත් කරන PCR පරීක්ෂණ වාර්තා මෙරට ප්‍රධාන පෙළේ රෝහලක වාර්තාවලට සමාන ලෙස ව්‍යාජව සකස් කරන ලදැයි කියන සැකකරුවන් තිදෙනෙක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඊයේ (21) රාත්‍රියේදී අත්අඩංගුවට ගෙන තිබේ.

මෙරට ප්‍රධාන පෙළේ රෝහලක PCR වාර්තාවල ඇති QR කේතය සූක්ෂම අයුරින් භාවිතා කර මෙම සැකකරුවන් PCR වාර්තා විශාල ප්‍රමාණයක් මේ වන විට නිකුත් කර ඇති බවට තොරතුරු අනාවරණය වී ඇත.

මෙම සැකකරුවන් කලක් තිස්සේ මෙම ජාවාරම සිදු කර ඇති අතර එක් PCR වාර්තාවක් සඳහා රුපියල් 6000ක මුදලක් අය කරගෙන ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි.

මීගමුව දර්ගා නගරයේ පදිංචි මෙම සැකකරුවන් අද (22) කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.