― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNews12ට අඩු ළමුන්ටත් කොවිඩ් එන්නත්?

12ට අඩු ළමුන්ටත් කොවිඩ් එන්නත්?

වයස අවුරුදු 12න් පහළ ළමුන් සඳහා කොවිඩ් මර්දන එන්නත ලබාදීමට අදාළ නිර්දේශ ඉදිරි දින කිහිපය තුළ ලැබෙන බව ඖෂධ සැපයුම් හා නියාමන රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන පැවසීය.

අද (22) කොළඹදී පැවැති උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව ප්‍රකාශ කළේය.

“අවුරුදු 12ට අඩු දරුවන්ට එන්නත ලබාදීම පිළිබඳව අපි ළමා රෝග විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයෙන් අදහස් විමසලා තියෙනවා. අපිට මේ සතිය ඇතුළත ඒ සඳහා නිර්දේශ ලැබෙයි කියලා බලාපොරොත්තු වෙනවා. පසුගිය සතියක කාලය තුළ දිනකට ආසන්න වශයෙන් 50,000ක 60,000ක පමණ පිරිසක් බූස්ටර් එන්නත තුන්වන මාත්‍රාව ලබා ගෙන තිබෙනවා. නමුත් එය ප්‍රමාණවත් නෑ. අපි බලාපොරොත්තු වෙනවා ලක්ෂයේ මට්ටමටවත් මේක ගෙන එන්න ඕනේ කියලා. විශේෂයෙන් මේ ඔමික්‍රෝන් පැතිරෙන වේගයත් එක්ක බලනකොට ප්‍රමාණවත් නෑ මේ ගන්න විදිය.අපි කට කැඩෙනකං කියනවා මේ මිනිස්සු මේක ගණන් ගන්නේ නෑ. මට නං තෙරෙන්නේ නෑ ෆයිසර් ඕනේ කිව්වා ෆයිසර් ගෙනත් දුන්නා. මේක දවස් 7ම ගහනවා. හැම පහසුකමක්ම සපයලා තියෙනවා. මෙච්චර පිටිපස්සෙන් ගිහිල්ලා වඳීනවා මේක ගන්න කියලා. මෙච්චර කියද්දිත් මේක ගන්නේ නැත්තේ ඇයි කියලා මට තෙරෙන්නේ නෑ.

“පැරසිටමෝල් හිඟයක් පිළිබඳව විවිධ පාර්ශව අදහස් දක්වලා තිබුණා. ඇත්තටම ගෙවිච්ච සති 3ක කාලය තුළ ලංකාවේ පැරසිටමෝල් සඳහා තිබෙන අවශ්‍යතාවය 275%කින් ඉහළ ගිහිල්ලා තිබෙනවා. ඒකට, එක හේතුවක් තමා ඔමික්‍රෝන් ප්‍රභේදය නිසා ඇති වෙන කොවිඩ් රෝගය සීඝ්‍ර ලෙස පැතිරයාමත්, වෛරස් රෝගයක් සමාජය පුරා පැතිරයාමත්, සහ ඩෙංගු රෝගය පැතිරයාමත්. මේ කියන රෝග තත්ත්ව තුන සඳහාම උණ තත්ත්වය පාලනය කිරීම සඳහා යොදාගන්නා ප්‍රධානතම ඖෂධය තමා පැරසිටමෝල්. එම නිසා ඉතාම ඉහළ මට්ටමේ ඉල්ලුමක් ඇතිවෙලා තියෙනවා පැරසිටමෝල්වලට. අනිත් පැත්තෙන් ලෝක වෙළෙඳපොළේ පැරසිටමෝල් නිෂ්පාදනය සඳහා අවශ්‍ය අමුද්‍රව්‍යවල මිල ඉහළගිහින් තියෙන නිසා ආනයනය කරන සමාගම් මැලිකමක් දක්වනවා පැරසිටමෝල් අපේ රටට ගෙනඒම සඳහා. මේ නිසා තමයි වෙළෙඳපොළ තුළ යම් ආකාරයක පැරසිටමෝල් හිඟයක් ඇතිවෙලා තියෙන්නේ. මේ තත්ත්වය සමනය කිරීම සඳහා රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාව උපරිම ධාරිතාවයෙන් පැරසිටමෝල් නිෂ්පාදනය කරන්නට කටයුතු යොදලා තිබෙනවා. ඖෂධ වර්ග බහුතරයක් කිසිදු ප්‍රශ්නයක් නැතුව ලබාදෙන්න පුළුවන්. නමුත් අත්‍යාවශ්‍ය ඖෂධ 5ක පමණ අඩුපාඩුවක් තිබෙනවා. මේ සතිය තුළදී අපිට ඒවා ලැබෙන්නට නියමිතයි.”