― political ―

අලුත් දේවල් හඳුන්වා දීම වික්‍රමසිංහ පරම්පරාවේ ලක්ෂණයක් – අගමැති

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා උතුරේ සිට දකුණටත්, නැගෙනහිර සිට බටහිරටත් ජනතාවගේ මූලික අවශ්‍යතා හිඟයකින් තොරව ලබාදීමට කටයුතු කළ ශ්‍රේෂ්ඨ නායකයෙක් බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන...
HomeNewsජෝ බයිඩන්ගෙන් රුසියානු ජනපතිට චෝදනා

ජෝ බයිඩන්ගෙන් රුසියානු ජනපතිට චෝදනා

රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින්, ජාත්‍යන්තර නීතිය දැඩිව උල්ලංඝනය කර ඇති බවට අමෙරිකානු ජනපති ජෝ බයිඩන් චෝදනා කරයි.

මේ අතර අමෙරිකානු රාජ්‍ය ලේකම්වරයා සහ රුසියානු විදේශ ඇමතිවරයා අතර හෙට පැවැත්වීමට නියමිතව තිබූ සාකච්ඡාව අවලංගු කර ඇති බව විදෙස් වාර්තා සඳහන් කළේය.

රුසියාව, ඩොනෙට්ස්ක් සහ ලුහාන්ස්ක් ස්වාධීන රාජ්‍යයන් ලෙස පිළිගැනීම යුක්‍රේන ආක්‍රමණයේ ආරම්භය බව අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් ධවල මන්දිරයේ ඊයේ පැවති සාකච්ඡාවකදී සඳහන් කළේය.

පුටින් ජාත්‍යන්තර නීතිය දැඩි උල්ලංඝනය කර ඇති බවට චෝදනා කරන ඔහු රුසියාව සිය ක්‍රියාකලාපය නතර නොකළහොත් තවත් සම්බාධක පනවන බව අවධාරණය කළේය.

රුසියාවේ ෆෙඩරල් ආරක්ෂක සේවා අධ්‍යක්ෂවරයා ඇතුළු ප්‍රබලයින් පස්දෙනෙකුට සහ ප්‍රධාන මූල්‍ය ආයතනවලට එරෙහිව සම්බාධක පනවා ඇති අතර නැගෙනහිර යුක්‍රේනයට හමුදා කණ්ඩායම් යොදවන ලෙසටත් බයිඩන් නියෝග කර තිබේ.

අමෙරිකානු රාජ්‍ය ලේකම් ඇන්තනී බ්ලින්කන් සහ රුසියානු විදේශ ඇමති සර්ගෙයි ලැව්රොෆ් අතර හෙට ජිනිවා හිදී පැවැත්වීමට තිබූ සාකච්ඡාව අවලංගු කර ඇති බව විදෙස් වාර්තා සඳහන් කළේය.

යුක්‍රේන අර්බුදය සම්බන්ධයෙන් රුසියාව හා රාජ්‍ය තාන්ත්‍රික විසඳුමක් ලබාගැනීමේ උත්සාහය අවසන් බවට නිකුත් කෙරුණු නවතම සංඥාව මෙය බවද එම වාර්තාවල සඳහන්ය.

මේ අතර ලුහාන්ස්ක් කලාපය අත්පත් කරගැනීමේදී රුසියානු හිතවාදී බෙදුම්වාදීන් ෂෙල් වෙඩි, මෝටාර්, යුද ටැංකි නාශක ග්‍රෙනේඩ් සහ වෙඩි ප්‍රහාර එල්ල කර ඇති බව යුක්‍රේන හමුදාව නිකුත් කළ නිවේදනයක දැක්වේ.

ෂෙල් වෙඩි ප්‍රහාරයක් හේතුවෙන් එම කලාපයේ පිහිටි තාප බලාගාරයක් ගිනි ගෙන ඇති අයුරු දැක්වෙන වීඩියෝ පටයක්ද ඔවුන් මාධ්‍යයට නිකුත් කළේය.

යුක්‍රේනයේ සිටින සිය රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන්ගේ ජීවිත ආරක්ෂාව පතා ඔවුන් එරටින් ඉවත් කරගන්නා බව රුසියානු විදේශ අමාත්‍යංශය නිවේදනය කළේය.

යුක්‍රේනයට හමුදා සෙබළුන් අනියුක්ත කිරීමට ව්ලැදිමීර් පුටින් ගත් තීරණය බුද්ධිමත් පියවරක් බව අමෙරිකානු හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ අදහසයි.

උද්ගතව ඇති තත්ත්වය සලකා යුක්‍රේනයේ සිටි සිසුන් ඇතුළු ඉන්දීය ජාතිකයන් 241 දෙනෙකු මුදාගැනීමට ඊයේ පියවර ගත්තේය.

පිරිස රැගත් එයාර් ඉන්දියා ගුවන් යානය ඊයේ නවදිල්ලිය වෙත පැමිණ තිබූ බව සඳහන්ය.