― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsLocalලංකාවේ නිල් මැණික් 25ක් ප්‍රදර්ශනයකට ඩුබායි යයි

ලංකාවේ නිල් මැණික් 25ක් ප්‍රදර්ශනයකට ඩුබායි යයි

ඩුබායි එක්ස්පෝ ප්‍රදර්ශනයේ ලබන 26 වැනිදා පැවැත්වෙන සපායා දිනය (Sapphire Day) පිළිබඳව දැනුවත් කිරීමට ශ්‍රී ලංකා මැණික් හා ස්වර්ණාභරණ සංගමයේ නියෝජිතයෝ පිරිසක් ඊයේ (22) දින අරලියගහ මන්දිරයේදී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ හමුවූහ.

ශ්‍රී ලංකාවේ නිල් මැණික් (Blue Sapphires) සඳහා ලොව පුරා පවතින ඉල්ලුම සැළකිල්ලට ගනිමින් නිල් මැණික්වලට සමඟාමීව සංචාරක ප්‍රවර්ධනය මෙහි ප්‍රධාන ඉලක්කයකි.

ඒ අනුව පෙබරවාරි 26 වැනිදා ඩුබායි එක්ස්පෝ ප්‍රදර්ශනයේ ශ්‍රී ලංකා ප්‍රදර්ශන කුටිය සපායා දිනය වෙනුවෙන් වෙන්වන අතර එහි දී මෙරට ප්‍රධාන මැණික් හා ස්වර්ණාභරණ ව්‍යාපාරිකයෝ 11 දෙනෙක් මෙරට ඉතා වටිනා මැණික් ගල් 25ක් එහි ප්‍රදර්ශනය කිරීමට නියමිතය.

මෙම ප්‍රදර්ශනය අතරතුර දී සපායා ශ්‍රී ලංකා (Sapphire Sri Lanka) නමින් ශ්‍රී ලංකාවේ මැණික් හා සංචාරක ප්‍රවර්ධනය වෙනුවෙන් නිර්මාණය කළ සුවිශේෂී වීඩියෝවක් එළි දැක්වීමට නියමිත බව මෙහිදී අග්‍රාමාත්‍යවරයා දැනුවත් කෙරිණි.

මැණික් ප්‍රදර්ශනයට පෙර දින (25) මැණික් හා ස්වර්ණාභරණ පිළිබඳව ලොව විශේෂඥ දැනුමකින් හෙබි හෙලන් මොල්ස්වොත්( Helen Molesworth) මහත්මිය විසින් ශ්‍රී ලංකාවේ නිල් මැණික් ඇතුළු වටිනා මැණික් සම්බන්ධයෙන් දේශනයක් පැවැත්වීමට නියමිත අතර මේ සඳහා සියලු ජාත්‍යන්තර මාධ්‍ය සඳහා ආරාධනා කර තිබීම විශේෂත්වයකි.