29.5 C
Colombo
Sunday, July 20, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsLocalරිදීගමදී කාන්තාවක් ඝාතනය කෙරේ

රිදීගමදී කාන්තාවක් ඝාතනය කෙරේ

රිදීගම පොලිස් වසමේ, සමගි මාවත, දේවාල හංදිය ප්‍රදේශයේ දී කාන්තාවක් ඝාතනයට ලක්ව තිබේ.

ආරක්ෂක හිස්වැසුමකින් පහර දී එම කාන්තාව ඝාතනය කර ඇති බවට ලද තොරතුරක් මත විමර්ශන ආරම්භ කළ බව පොලීසිය පවසයි.

එම ප්‍රදේශයේම පදිංචි 67 හැවිරිදි මවක් මෙලෙස ඝාතනයට ලක්ව ඇත.
ඝාතනයට ලක්වු කාන්තාවගේ දියණිය යතුරුපැදියක ගැටී අනතුරක් සිදුව ඇති අතර මෙම කාන්තාව අනතුර සිදුකළ යතුරුපැදිකරු සොයා ගොස් ඒ පිළිබඳ විමසා ඇති ඇත.

එහිදී බහින්බස් වීමක් දුරදිග යාමෙන් අනතුර සිදුකළ යතුරුපැදිකරු විසින් ඔහුගේ අතේ තිබුණු ආරක්ෂක හිස්වැසුමෙන් අදාළ කාන්තාවට පහරදී ඇති බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී තිබේ.

ඝාතනය සිදුකළ 30 හැවිරිදි රිදීගම ප්‍රදේශයේ පදිංචිකරු මේ වනවිට අත්අඩංගුවට ගෙන තිබේ. රිදීගම පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.