29.5 C
Colombo
Thursday, June 11, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsLocal15 හැවිරිදි දැරිය ගැබිණියක් කළ පාසල් සිසුවා අත්අඩංගුවට

15 හැවිරිදි දැරිය ගැබිණියක් කළ පාසල් සිසුවා අත්අඩංගුවට

15 හැවිරිදි දැරිය ගැබිණියක් කළ 15 හැවිරිදි පාසල් සිසුවෙක් අත්අඩංගුවට ගෙන තිබේ.

තමන්ට විටින් විට උදරාබාධයක් ඇති වන බව දැරිය විසින් සිය මවට පැවසීමත් සමග දැරියගේ මව විසින් ඇයව මුල්ලේරියාව රෝහල වෙත ඇතුලත් කර ඇත. එහිදි වෛද්‍යවරුන් විසින් සිදුකළ පරීක්ෂාවකදී ඇය ගැබිණියක් බවට අනාවරණය වී තිබේ.

පසුව දැරියගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම් හමුවේ අදාළ දැරිය අධ්‍යාපනය ලබන පාසලේම අධ්‍යාපනය හදාරන 15 හැවිරිදි පාසල් සිසුවෙකු නවගමුව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

දැරිය රෝහල්ගත කර ඇති අතර ඇගේ කුස තුළ සිටින දරුවා යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන බව වෛද්‍යවරුන් පවසා ඇතැයි පොලීසිය ප්‍රකාශ කරයි.

සැකකාර පාසල් සිසුවා කඩුවෙල අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර සිද්ධිය සම්බන්ධයෙන් නවගමුව පොලීසියේ ප්‍රධාන පොලිස් පරීක්ෂක ලක්ෂ්මන් ද සිල්වාගේ උපදෙස් මත ළමා හා කාන්තා කාර්යාංශය මගින් වැඩිදුර පරීක්ෂණ පවත්වනු ලබයි.