25.6 C
Colombo
Saturday, July 19, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsLocalTNA මන්ත්‍රීවරු ජනාධිපති කාර්යාලය ඉදිරිපිට විරෝධතාවක්

TNA මන්ත්‍රීවරු ජනාධිපති කාර්යාලය ඉදිරිපිට විරෝධතාවක්

දෙමළ සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රීවරු පිරිසක් ජනාධිපති කාර්යාලය ඉදිරිපිට රැස්ව විරෝධතාවක යෙදෙමින් සිටින බව ජනපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

ඔවුන් අද (24) ජනපතිවරයා හමුවීමට පැමිණෙන බවට කිසිඳු පෙර දැනුම්දීමක් සිදුකර නොමැති අතර ජනාධිපතිවරයා හමු වී සංදේශයක් භාර දීමට පැමිණ තිබෙන බව ජනාධිපති මාධ්‍ය අංශය ප්‍රකාශ කරයි.

ජනාධිපතිවරයා අද පෙරවරුවේ මීට පෙර යොදාගත් වැඩසටහනක් සඳහා පිටත්ව ගොස් ඇති බවත් දෙමළ සන්ධාන මන්ත්‍රී පිරිසට අග්‍රාමාත්‍යවරයා හමුවීමට වේලාවක් ලබාදී තිබුණත් ඔවුහු එම හමුවීමට නොගොස් ජනාධිපති කාර්යාලය ඉදිරිපිට විරෝධතාවක නිරත වේ.

ජනාධිපතිවරයා සිය කාර්යාලයේ නොමැති අවස්ථාවක පෙර දැනුම් දීමකින්ද තොරව පැමිණ මෙලෙස විරෝධතාවක නිරත වීම ජිනීවා මානව හිමිකම් සමුළුවට රජය කෙරෙහි වැරදි අවබෝධයක් ලබා දීමට සැලසුම්සහගතව කෙරෙන කුමන්ත්‍රණයක් බව පැහැදිලි වන්නේ යැයිද ජනපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙයි.