27.8 C
Colombo
Sunday, September 14, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsLocalකුඩු මේරි අත්අඩංගුවට

කුඩු මේරි අත්අඩංගුවට

මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙක් මෙන්ම සංවිධානාත්මක අපරාධකරුවෙක් වන දෙමටගොඩ චමින්ද නැමැත්තා ගේ මත්කුඩු ජාවාරම මෙහෙයවන කාන්තාවක් රුපියල් ලක්ෂ 20කට අධික වටිනා මත්කුඩු තොගයක් සමග අත්අඩංගුවට ගත් බව කොළඹ අපරාධ කොට්ඨාසය කියයි.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ මයිකල් එලිසබෙත් මේරි නොහොත් කුඩු මේරි නමැත්තිය ය.

එම සැකකාරිය සමඟ මත්කුඩු ග්‍රෑම් 100 මිලිග්‍රෑම් 75 පොලිස් භාරයට ගෙන තිබුණි. 

දෙමටගොඩ ලක්සිරි සෙවන නිවාස සංකීර්ණයේ නිවසක් තුළදී සැකකාරිය අත්අඩංගුවට ගෙන ඇත. 

සැකකාරිය මීට පෙර අවස්ථා කීපයකදී පොලිස් අත්අඩංගුවට පත්ව චෝදනා ලැබූ තැනැත්තියක් බවත් පොලිසිය සඳහන් කරයි. 

වයස අවුරුදු 47ක් වන සැකකාරිය මාලිගාවත්ත ප්‍රදේශයේ පදිංචිකාරියකි. 

සැකකාරිය මාලිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය. 

කොළඹ අපරාධ කොට්ඨාසය පරීක්ෂණ පවත්වයි.