27 C
Colombo
Sunday, October 26, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsLocalමුහුදුබත් වූ එක්ප්‍රස් පර්ල් නෞකාව ගොඩ ගැනීම අරඹයි

මුහුදුබත් වූ එක්ප්‍රස් පර්ල් නෞකාව ගොඩ ගැනීම අරඹයි

මුහුදුබත් වී ඇති එක්ප්‍රස් පර්ල් නෞකාව ගොඩ ගැනීමේ කටයුතු මේ වන විට ආරම්භ කර තිබේ.

එම කටයුතු ‘ශැන්හායි සැල්වේජ්’ නැමැති චීන සමාගම විසින් සිදු කරනු ලබන අතර එය මෙහෙයවනු ලබන්නේ නෞකාව හිමිකාර සමාගම හා රක්ෂණ සමාගම විසිනි.

එම නෞකාව යකඩ රැහැන් 63න් යොදා ගනිමින් මුහුදු පතුලෙන් ඉහළට එසවීමට සැලසුම් කර ඇති බව සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය පවසයි.

මේ වන විට අදාළ යකඩ රැහැන් 63න් 35ක් මුහුදු බත් වූ නෞකාවට සවිකර කර ඇති අතර යකඩ රැහැන් සවි කිරීම සඳහා දින 150ක් ගත වේ. ඉන්පසු මුහුදුබත් වූ නෞකාව මුහුදු මට්ටමට ගෙන ඉන්දියාව ආසන්නයේ පිහිටි නෞකා කැබලි කරන ස්ථානයක් වෙත රැගෙන යාමට නියමිතය.

පසුගිය වසරේ මැයි 20 වැනිදා එහි බහාලුමක ගබඩා කර තිබූ රසායනික ද්‍රව්‍ය කාන්දු වීම හේතුවෙන් එක්ස්ප්‍රස් පර්ල් නෞකාව මුහුදුබත් විය.