25.6 C
Colombo
Tuesday, July 22, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsජිනීවා මානව හිමිකම් සමුළුව අද ඇරඹේ

ජිනීවා මානව හිමිකම් සමුළුව අද ඇරඹේ

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 49 වැනි සැසිවාරය අද (28) ජිනීවා නුවරදී ආරම්භ වීමට නියමිත ය.

අප්‍රේල් 01 වැනිදා දක්වා සැසිවාරය පැවැත්වෙනු ඇති.

මෙම සැසිවාරයේ දී එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස්වරිය ශ්‍රී ලංකාව පිළිබඳ ලිඛිත යාවත්කාලීන කිරීමක් කවුන්සිලය වෙත ඉදිරිපත් කරනු ඇති අතර මාර්තු 3 වැනිදා දින ශ්‍රී ලංකාව පිළිබඳ අන්තර් ක්‍රියාකාරී සංවාදයක් ද පැවැත්වීමට නියමිත ය.

විදේශ අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 49 වැනි සැසිවාරය සඳහා සහභාගි වන ශ්‍රී ලංකා නියෝජිත පිරිසට නායකත්වය ලබාදෙනු ලබයි.

විදේශ අමාත්‍යවරයා සිය සංචාරය අතරතුරදී එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස්වරියද හමුවීමට නියමිත ය.