24.5 C
Colombo
Thursday, March 19, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsLocalපිළියන්දල කර්මාන්තශාලාවක ගින්නක්

පිළියන්දල කර්මාන්තශාලාවක ගින්නක්

පිළියන්දල, බෝකුන්දර ප්‍රදේශයේ ක්‍රිකට් බැට් නිෂ්පාදන කර්මාන්තශාලාවක අද (28) අළුයම 4.20 ට පමණ ඇතිවූ හදිසි ගින්නකින් එම කර්මාන්තශාලාවට දැඩි අලාභහානි සිදුවී ඇතැයි දෙහිවල ගල්කිස්ස මහ නගර සභාව ගිනිනිවීම් ඒකකය ප්‍රකාශ කරයි.

මෙම ගින්න ඇති වූ සැනින් ගිනිනිවීම් ඒකකය දැනුවත් කිරීමෙන් පසු අංශභාර නිලධාරි සුනන්ද පෙරේරාගේ ප්‍රධානත්වයෙන් ගිනිරථ දෙකක් හා ජල බවුසරයක් සමග ගිනි නිවන භටයින් නව දෙනෙකු ගොස් වහාම ඒ වනවිටත් අසල නිවසට පැතිර යමින් තිබූ ගින්න පාලනය කිරීම නිසා සිදුවීමට ගිය විශාල විනාශයක් වළක්වා ගැනීමට හැකියාව ලැබී තිබේ.

ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර ගින්නෙන් සිදුවූ අලාභයද මෙතෙක් ගණනය කර නොමැත. සිද්ධිය සම්බන්ධයෙන් පිළියන්දල පොලීසිය විසින් වැඩිදුර විමර්ශන කටයුතු සිදුකරයි.