26 C
Colombo
Sunday, October 26, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsLocalපුත්‍රයා මෝල්ගසෙන් පහර දී පියා ඝාතනය කරයි

පුත්‍රයා මෝල්ගසෙන් පහර දී පියා ඝාතනය කරයි

කුරුවිට, බටතොට ප්‍රදේශයේදී පුතෙකු විසින් මෝල්ගසකින් පහරදී පියා ඝාතනය කිරීමේ ඛේදනීය පුවතක් වාර්තා වෙයි.

පසුගිය 26 වැනිදා බටතොට ප්‍රදේශයේ කුණු වළක වැටී පුද්ගලයෙකු මියගොස් ඇති බවට කුරුවිට පොලීසියට මියගිය පුද්ගලයාගේ බිරිඳ විසින් පැමිණිල්ලක් කර තිබේ.
කුරුවිට පොලීසිය ඒ පිළිබඳව සිදුකළ විමර්ශනයකින් අනතුරුව එම මරණය ඝාතනයක් බව අනාවරණය වී ඇත.

පුද්ගලික ආරවුලක් මත එම ඝාතනය සිදුකර ඇති බව පොලීසිය පවසයි. එලෙස මියගොස් ඇත්තේ 57 හැවිරිදි බටතොට, කුරුවිට ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

අදාළ ඝාතනය සිදුකළ සැකකාර 22 හැවිරිදි පුත්‍රයාව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් කුරුවිට පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.