26.7 C
Colombo
Monday, July 21, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsබඩු නැතුව බේකරිත් වැසී යන ලකුණු

බඩු නැතුව බේකරිත් වැසී යන ලකුණු

බේකරි නිෂ්පාදන සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය නොමැති වීම නිසා බේකරි වසා දැමීමට සිදුව ඇති බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය පවසයි.

දිවයින පුරා බේකරි 7,000ක් පමණ ඇති අතර ඉන් 300ත් 400ත් අතර සංඛ්‍යාවක් මේ වන විට වසා දමා ඇති බව එහි සභාපති එන්.කේ. ජයවර්ධන ප්‍රකාශ කළේය.

ගෑස්, ඉන්ධන මිල වැඩි වීම, බේකරි නිෂ්පාදනයට අවශ්‍ය තිරිඟු පිටි, බටර්, මාගරින් සහ පාම් ඔයිල් වැනි අමුද්‍රව්‍ය නොමැති වීම සහ එම අමුද්‍රව්‍ය ආනයනය නොකිරීම හේතුවෙන් බේකරි වසා දැමීමට සිදු වන බව ඔහු සඳහන් කළේය.

“තත්ත්වේ එන්න එන්නම දරුණු වෙනවා. එක පැත්තකින්වත් සැනසීමක් නැහැ. බඩු නැහැ මෙලෝ දෙයක් නැහැ. සියලු භාණ්ඩවල මිල ඉහළ යනවා අහස උසට. බිත්තර, පාම් ඔයිල් එකට එකක් නැගලා, පොල්තෙල් නැගලා, මාගරින් නැගලා. පිටිත් නැහැ වැඩ කර ගන්න. ඩීසල් නැහැ. පෙට්‍රල් නැහැ. බේකරිවල වැඩ කරන මිනිස්සු අනාථ යි. ප්‍රශ්න එක්ක ඉතින් මේක වහලා දාන්න තමයි වෙන්නේ.” යනුවෙන් ඔහු වැඩිදුරටත් පැවසීය.

මේ වන විට තිරිඟු පිටිවල හිඟයක් ඇති අතර එයට තවමත් විසඳුමක් නැති බවත් මේ සම්බන්ධයෙන් ආණ්ඩුව යම් පියවරක් ගත යුතු බවත් ඔහු වැඩිදුරට ත් සඳහන් කළේය.