26.1 C
Colombo
Saturday, July 19, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsටොයොටා වාහන නිෂ්පාදනය තාවකාලිකව නවතියි

ටොයොටා වාහන නිෂ්පාදනය තාවකාලිකව නවතියි

ජපානයේ ටොයොටා මෝටර් රථ නිෂ්පාදනාගාරයේ නිෂ්පාදන කටයුතු තාවකාලිකව අත්හිටුවා ඇත් බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

සයිබර් ප්‍රහාරයක් හේතුවෙන් ටොයොටා මෝටර් රථ නිෂ්පාදනය සඳහා යොදා ගන්නා ප්ලාස්ටික් කොටස් සහ ඉලෙක්ට්‍රොනික උපාංග සැපයුම නතර වීම නිසා මෙම පියවර ගෙන තිබේ.

මේ නිසා මෝටර් රථ 13,000ක් පමණ නිෂ්පාදනය නතර වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. යුක්රේන ආක්‍රමණයට ප්‍රතිචාර දක්වමින් ජපානයද රුසියාවට එරෙහි සම්බාධක පැනවීමට තීරණය කළ අතර මේ නිසා සයිබර් ප්‍රහාරය රුසියානු හැකර්වරුන් විසින් සිදු කරන්නට ඇති බවට විශ්වාස කෙරෙන බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කර තිබේ.