26.7 C
Colombo
Monday, January 19, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsLocalතියුණු ආයුධයකින් පහරදී බිරිඳ ඝාතනය කරයි

තියුණු ආයුධයකින් පහරදී බිරිඳ ඝාතනය කරයි

දඹගල්ල දැලිව ප්‍රදේශයේදී කාන්තාවකට ඇයගේ පුරුෂයා විසින් තියුණු ආයුධයකින් පහර දී ඝාතනය කර ඇත.

පහරදීම් හේතුවෙන් බරපතළ තුවාල සහිතව ඊයේ (28) සවස මොනරාගල සිරිගල රෝහලට ඇතුළත් කිරීමේ දී ඇය මියගොස් ඇති බව දඹගල්ල පොලීසියට පවසයි.

මෙලෙස මියගොස් ඇත්තේ 28 හැවිරිදි දැලිව රුවල්වෙල ප්‍රදේශයේ පදිංචිව සිටි කාන්තාවකි.

පවුල් ආරවුලක් මත ඇති වු බහින්බස්වීමක් දුරදිග යාමෙන් එම ඝාතනය සිදු වී ඇති බවට පොලීසිය කළ විමර්ශනයේ දී අනාවරණය වී ඇත.

ඝාතනය සිදුකළ 34 හැවිරිදි සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර දඹගල්ල පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.