― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsLocalබෙංගාල බොක්කේ අඩු පීඩන තත්ත්වයක්

බෙංගාල බොක්කේ අඩු පීඩන තත්ත්වයක්

ගිනිකොණ දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශ සඳහා කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ, ස්වභාවික විපත් පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය විසින් අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබේ.

ඒ අනුව ගිනිකොණ දිග බෙංගාල බොක්ක සහ ඊට යාබද දකුණු අන්දමන් මුහුදු ආශ්‍රිත පැවති කැලඹිලි ස්වභාවය අඩු පීඩන කලාපයක් දක්වා වර්ධනය වී ඇති බව දන්වා ඇත.

ඉහත මුහුදු ප්‍රදේශයේවල ඉතා තද වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි අතර පැ.කි.මී. 40ත් 50ත් අතර තද සුළං ඇති විය හැකි බව දන්වා තිබේ.

මීට අමතරව විටින් විට හමන ඉතා තද සුළං පැ.කි.මී 60ක් දක්වා ඉහළ යා හැකි බව දැනුම් දෙයි.

ඒ හේතුවෙන් නැවත දැනුම් දෙන තුරු ගිනිකොණ දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශ තුළ ධීවර සහ නාවික කටයුතුවල නොයෙදෙන ලෙස අවවාද කර ඇත.

ඉදිරි කාලගුණ අනාවැකි පිළිබඳව අවධානයෙන් පසුවන ලෙසත් ධීවර හා නාවික ප්‍රජාවෙන් ඉල්ලා සිටී.