― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsයුක්රේනය වෙනුවෙන් සටන් කිරීමට තම මධුසමය වෙන් කළ අපූරු යුවළක්

යුක්රේනය වෙනුවෙන් සටන් කිරීමට තම මධුසමය වෙන් කළ අපූරු යුවළක්

තම මධු සමය යුක්රේනය වෙනුවෙන් සටන් කිරීමට වෙන් කළ යුවළක් පිළිබඳව අපූරු පුවතක් යුක්රේනයෙන් වාර්තා වෙයි.

රුසියාව විසින් යුක්රේනය ආක්‍රමණය කිරීම ආරම්භ කළ පළමු දිනයේදී ඔවුන්ගේ මංගල උත්සවය පැවැති අතර විවාහයෙන් පැය කිහිපයකට පසුව මෙසේ යුක්රේනය වෙනුවෙන් සටන් කිරීමට ඔවුන් තීරණය කර තිබේ. යාරිනා අරීවා සහ ස්වියාටොස්ලාව් ෆර්සින් යනු එම ආදර්ශමත් යුවළයි.

මෙම යුවළ මැයි මාසයේදී විවාහ වීමට නියමිතව තිබූ නමුත් යුක්රේනය හා රුසියාව අතර ඇතිවූ සීතල යුද්ධය හේතුවෙන් තම විවාහය ඉක්මන් කර පසුගිය සතියේදී කියෙව්හිදි විවාහ විය.

“අපට ඇති මෙම නව යථාර්ථය තේරුම් ගැනීමට අපහසුයි” කියෙව්හි සිටිමින් අරීවා පැවැසුවාය.

“මෙතන කවුරුත් අපි පරදිනවා කියලා කියන්නේවත් අඬන්නේවත් නැහැ. මෙතන ඉන්න හැමෝම විශ්වාස කරනවා අපි දිනනවා කියලා. ඒ සියල්ල කාලය පිළිබඳ ප්‍රශ්නයක් පමණි. ඉතින් මේ මහා ජනකාය ඇත්තටම සටන් කරන්න ලෑස්ති වෙලා ඉන්නවා දැක්කම මට හරිම සතුටුයි. තමන්ගේ රට වෙනුවෙන් සටන් කරන්න ලෑස්තියි. අපි මේ යුද්ධයේ ජයග්‍රහණය ගැන කිසිම සැකයක් නැහැ,” ඇය පැවසුවාය.

ඇගේ ස්වාමිපුරුෂයා වන ෆර්සින් පැවැසුවේ “මිනිසුන්ට සෑම විටම නිදහසේ සිටීමට අවශ්යයි. මෙම ජනයා ඔවුන්ගේ නිදහස සඳහා සටන් කිරීමට සූදානම්ව සිටියි. .”

“මෙහි ජීවිතය වෙනස්, නමුත් එය ජීවිතයයි. මිනිසුන් විහිළු කරයි, සිනාසෙයි. එය දැකීමට ඉතා සිත්ගන්නා සුළුයි. එය යුද්ධයේ ආරම්භයත් සමඟ වෙනස් වූ තවත් ආකාරයක ජීවිතයකි, නමුත් එය ජීවිතයයි,” යැයි අරීවා පැවැසීය.

යුක්රේනයට මුදල්, ආහාර, ආයුධ සහ වෛද්ය ආධාර ලබා දෙන ලෙසත් රුසියාවට තවත් සම්බාධක පනවන ලෙසත් මෙම යුවළ ජාත්යසන්තර ප්රබජාවෙන් ඉල්ලා සිටියහ.

සියල්ලම එක තැනකට රැස් කර හොඳ වයින් වීදුරුවක් පානය කළ හැකි කාලය ඉක්මනින් පැමිණෙනු ඇතැයි තමා බලාපොරොත්තු වන බව ෆුර්සින් පැවසීය.