28.9 C
Colombo
Friday, September 19, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsරසායනික පොහොර ආනයනය කිරීමට කැබිනට් අනුමැතිය

රසායනික පොහොර ආනයනය කිරීමට කැබිනට් අනුමැතිය

යල කන්නයේ වී වගාව සඳහා යෙදීමට පොටෑසියම් පොහොරක් වන ‘මියුරේට් ඔෆ් පොටෑෂ්’ පොහොර මෙට්‍රික් ටොන් 38,500ක් ආනයනය කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවිය.

රජයේ පෙහොර සහනාධාර වැඩසටහන යටතේ මෙම පොහොර ගොවීන් වෙත ලබාදීමට නියමිතයි. යෝජනාව ඉදිරිපත් කරනු ලැබුවේ කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා විසින්.

‘මියුරේට් ඔෆ් පොටෑෂ්’ ගොවීන් විසින් වී වගාව සඳහා බන්ඩි පොහොරක් ලෙස භාවිත කරනු ලබයි. 2022 යල කන්නයේ හෙක්ටයාර ලක්ෂ 6ක පමණ භූමි ප්‍රමාණයක් වී වගා කිරීමට අපේක්ෂිතයි.