29 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsහිටපු ඇමැතිවරයකුගෙන් ජල සම්පාදනයට ලක්ෂ 15ක පොල්ලක්

හිටපු ඇමැතිවරයකුගෙන් ජල සම්පාදනයට ලක්ෂ 15ක පොල්ලක්

හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයෙක් එම ඇමැති ධූරයේ කටයුතු කළ සමයේදී සිය නිල නිවෙස සඳහා ලබාගත් ජලය වෙනුවෙන් ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලයට ගෙවිය යුතු රුපියල් ලක්ෂ 15 කට වැඩි මුදලක් ගෙවීම පැහැර හැර ඇතැයි අනාවරණය වී තිබේ.

මොහු නියෝජ්‍ය අමාත්‍ය ධූරයේ කටයුතු කළ සමයේදී භාවිතා කළ ත්‍රිකුණාමලය ප්‍රදේශයේ නිල නිවෙසට ලබාගත් ජලය වෙනුවෙන් ඉදිරිපත් කෙරුණු ජල බිල්පත් මෙසේ ගෙවීම පැහැර හැර ඇත.

එම හිඟ ජල බිල්පත වහාම ගෙවන්නැයි හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයාට පසුගිය කාලයේදී සිහි කැඳවීම් ගණනාවක් කර ඇතත් ඔහු ඒ මුදල මෙතෙක් ගෙවා නැතැයි ජාතික ජල ජලසම්පාදන හා ජලපවහන මණ්ඩලය චෝදනා කරයි.

මේ අතර දේශපාලඥයන්ගේ හිඟ ජල බිල්පත් වහාම අයකර ගැනීමට කටයුතු කරන්නැයි සම්පාදන හා ජලපවහන මණ්ඩලයේ වෘත්තීය සමිති නියෝජිතයන් රැසක් එම ආයතන ප්‍රධානීන්ගෙන් පසුගියදා විශේෂ ඉල්ලීමක් කර ඇත.