27.8 C
Colombo
Wednesday, July 16, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsPoliticalආණ්ඩුව ජනතා ගැටලුවලට කන්දෙන්නේ නැහැ

ආණ්ඩුව ජනතා ගැටලුවලට කන්දෙන්නේ නැහැ

ආණ්ඩුවේ පක්‍ෂ 11කට වෙනම වේදිකාවකට ගොඩවී රටේ සහ ජනතාවගේ ප්‍රශ්න කතා කරන්නට සිදුවූයේ රටේ ප්‍රශ්න කතා කිරීමට ආණ්ඩුව තුළ වේදිකාවක් නොමැති නිසා බවත් ආණ්ඩුව ජනතා ගැටලුවලට කන්දෙන්නේ නැති බවත් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පැවසීය.

ඔහු මේ බව ප්‍රකාශ කළේ ඊයේ (02) ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ 11ක් විසින් සකසන ලද ‘මුළු රටම හරි මඟට’ ජාතික ප්‍රකාශනය එළිදැක්වීමේ උත්සවයට එක්වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැඛ්වූ මඉත්‍රීපාල සිරිසේන කියා සිටියේ ආණ්ඩුවේම පක්‍ෂ 11ක් නියෝජනය කරන මන්ත්‍රීවරුන් 30 දෙනකු වෙනම වේදිකාවකට ගොඩවීම ආණ්ඩුවට හොඳ දෙයක් නොවන බවයි. එසේම තමන් මෙතැනට වැට්ටවීම සම්බන්ධයෙන් ආණ්ඩුව වගකිව යුතු බවත් හිටපු ජනාධිපතිවරයා අවධාරණය කළේය.

රටේ ජනතාව වර්තමානයේ මුහුණ දී සිටින ප්‍රශ්න විසඳීමේදී ආණ්ඩුව නම්‍යශීලී සහ නිහතමානී විය යුතු බවත් ගතවූ වසර දෙකේදීම රටේ ප්‍රශ්න සම්බන්ධයෙන් සංවාදයක්, සාකච්ඡාවක් කිරීමට අවස්ථාවක් ලැබී නොමැති බවත් හෙතෙම කියා සිටියේය.