22.8 C
Colombo
Friday, May 15, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsමියන්මාරයේ සිර දඬුවම් විඳි ලාංකික ධීවරයින් නිදහස් කෙරේ

මියන්මාරයේ සිර දඬුවම් විඳි ලාංකික ධීවරයින් නිදහස් කෙරේ

මියන්මාරයේ සිර භාරයට ලක්ව සිර දඬුවම් විඳිමින් සිටි ලාංකික ධීවරයින් 7 දෙනෙකුට මියන්මාර රජය සමාව ලබා දී තිබේ.

මියන්මාර මුහුදු සීමාවට ඇතුළු වීමේ චෝදනා මත අදාළ ලාංකික ධීවරයන් 7 දෙනා රැගත් තුෂාන් පුතා යාත්‍රාව මියන්මාර අත්අඩංගුවට පත් වූයේ, පසුගිය 2021 වසරේදීය.

අත්අඩංගුවට පත් යාත්‍රාවේ නායකයාට වසර 7 ක සිර දඬුවමක් නියම වූ අතර කාර්ය මණ්ඩලයට නියම වූ සිර දඬුවම් කාලය වසර 5කි.

විදේශ කටයුතු අමාත්‍යාංශය පැවසුවේ, මියන්මාරය හා ශ්‍රී ලංකාව අතර පවතින සුහද ද්වීපාර්ශවීය සබ දතා සහ මානුෂීය හේතූන් සලකා බලා මියන්මාර රජය මෙම ලාංකික ධීවරයින්ට සමාව ලබා දී ඇති බවයි.

යැංගොන්හි ඉන්සයින් බන්ධනාගාරයේ රඳවා සිටි ලාංකික ධීවරයන් පී.සී.ආර්. පරීක්ෂණ අවසන් කිරීමෙන් පසු ලබන 6 වනදා මෙරටට ගෙන්වා ගැනීමට නියමිත ය.