වැල්ලවාය පොලිස් බල ප්‍රදේශයට අයත් ඇල්ලවල දිය ඇල්ල අද (03) සිට වහාම ක්‍රියාත්මක වන පරිදි සංචාරකයන්ට තහනම් කලාපයක් කර තිබේ.
ඒ අනුව අද සිට ඇල්ලවල දිය ඇල්ලට ඇතුළුවීම හෝ දිය නෑම සම්පූර්ණයෙන්ම තහනම් වේ. මෙම තහනම නැවත දැනුම්දෙන තුරු ක්‍රියාත්මක බව වැල්ලවාය පොලීසිය පවසයි.
මෙම තීරණය ගෙන ඇත්තේ පසුගියදා තරුණයන් දෙදෙනකු මෙම ඇල්ලේ ගිලී මිය යාමත් සමඟය. පසුගිය මාස කිහිපය තුළ පමණක් පුද්ගලයන් 13 දෙනෙකු ඇල්ලවල දිය ඇල්ලේදී මියගොස් ඇත.
නිසි ආරක්ෂිත වැඩපිළිවෙළක් සකස් කර ඇල්ලවල දිය ඇල්ල නැවත සංචාරකයන්ට විවෘත කිරීමට නියමිතය.


