නාවුල, ඇළහැර ප්‍රදේශයේදී පොලිස් වෙඩිපහරින් පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්වී තිබේ.
අද (03) උදෑසන 10.30ට පමණ නාවුල – ඇළහැර මාර්ගයේදී පොලිස් කණ්ඩායමක් විසින් වාහනයක් පරීක්ෂා කිරීමට යාමේදී ගැටලුකාරී තත්ත්වයක් ඇති වී ඇති අතර එහිදී පොලීසිය අදාළ රථයට වෙඩිතබා තිබේ.
එම වෙඩි තැබීමෙන් 30 හැවිරිදි තරුණයෙක් ජීවිතක්ෂයට පත්වූ බව පොලීසිය පවසයි.


