28.4 C
Colombo
Saturday, July 19, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsPoliticalඅද ආණ්ඩුවේම පිරිසක් ආණ්ඩුව ගෙදර යවන්න ඕනේ කියනවා

අද ආණ්ඩුවේම පිරිසක් ආණ්ඩුව ගෙදර යවන්න ඕනේ කියනවා

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සමඟ නැවත එකතුවීම සිය දහස් වතාවක් සිතිය යුතු බවත් අද ආණ්ඩුවේම පිරිසක් ආණ්ඩුව ගෙදර යවන්න ඕනේ යැයි පවසන බවත් සමගි ජන බලවේගයේ මහ ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර පැවසීය.

ඔහු මේ බව ප්‍රකාශ කළේ අද (04) කොළඹදී පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේද කීය.

” හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සමඟ නැවත එකතුවීම එක සැරයක් නෙමෙයි දහ සැරයක් හිතන්න වෙනවා. හිතලා බලලා නේ ඒ ගැන තීරණයක් ගන්නේ. අපි මේ ගමන යන්නේ පිරිසිදු පුද්ගලයින් සමග පමණයි. ජනතාව වඩාත්ම හොඳ කණ්ඩායම තෝර ගනී.

ආණ්ඩුව ගෙදර යවන්න ඕනේ කියලා ආණ්ඩුවේම කොටසක් අද කියනවා. ආණ්ඩුව ගෙදර යවන්න සහ රට බේරගන්න පිරිසකට සමගි ජන බලවේගය ආරාධනා කරනවා. අපිත් එක්ක සම්බන්ධ වෙන්න කියලා. සාකච්ඡා යන සියල්ලම හෙළි කරන්නත් බෑ නේ.”