― political ―

නිලන්ති කොට්ටහච්චි වෙනුවෙන් නීතිය අකුරට

පාර්ලිමේන්තු මන්ත්‍රී නිලන්ති කොට්ටහච්චි මහත්මියට අපහාසකාරී ලෙස සමාජ මාධ්‍යට පෝස්ටුවක් පළකළේ යැයි චෝදනා වන මිල්ලනිය ප්‍රදේශීය සභාවේ හිටපු මන්ත්‍රී රවීන්ද්‍ර නවමුණි අත්අඩංගුවට ගෙන ඇත. අපරාධ...

HomeNewsPoliticalගෝඨාභයගෙන් ආපු උච්ච ස්වර කෝල් එක විමල් හෙළි කරයි

ගෝඨාභයගෙන් ආපු උච්ච ස්වර කෝල් එක විමල් හෙළි කරයි

මොනවද මේ රට වහන්න කියන්නේ.. බ්ලා බ්ලා බ්ලා… දැන්ම ඉල්ලා අස්වීමේ ලියුම එවන්න –
බැසිල්ව අත්අඩංගුවට ගන්නවා..
මේක ඇමරිකානු කොන්ත්‍රාත් එකක්…

විමල් වීරවංශ ඇමති ධුරයෙන් ඉවත් කිරීමෙන් පසුව මේ වනවිට පැවැත්වෙන සාකච්ඡාවේදී අදහස් දක්වමින් තිබෙනවා.
එහිදී විමල් වීරවංශ විශේෂ හෙළිදරව්වක් සිදුකළා.. ඒ ජනාධිපතිවරයා විසින් තමන්ට එක් අවස්ථාවක ලබාදුන් දුරකථන ඇමතුමක් ගැන.

“ජනාධිපතිතුමා මට කෝල් එකක් දුන්නා.. කොවිඩ් දවස්වල.
මම එක් අවස්ථාවක රට වහන්න ඕන කියලා කිව්වා.. ඔහු කතා කළා.. මොනවද මේ කියවන්නේ.. බ්ලා බ්ලා බ්ලා… දැන්ම ඉල්ලා අස්වීමේ ලියුම එවන්න. මම එක දෙයයි කිව්වේ හා කියලා..
ඊට පස්සේ මට මේක ආරංචි වෙලා අගමැතිතුමා කෝල් කළා.. මොකක්ද මේ වෙන්නේ ඇහුවා.. මම කිව්වා මේ ඉල්ලා අස්වීම ලියන ගමන් ඉන්නේ කියලා.
අගමැතිතුමා කිව්වා ඔය එක එක්කෙනාට ඕන විදිහට ඉල්ලා අස්වීම දෙන්න එපා කිව්වා..
ජනාධිපතිවරයාට ආපු සිතුවිල්ලට අනුව ඉල්ලා අස්වීමේ ලියුම දෙන්න කිව්වා.
අපි අපේ මත ඉදිරිපත් කළා..
ඔහු දේශපාලඥයෙක් විදිහට ඇහුම්කන් දෙනවා..
ඒක හොද රාජ්‍ය පාලනයේදී නායකයෙකු ගුණයක්.
ජනාධිපතිතුමාගේ එහෙම ගුණයක් නෑ.. තමන් අකමැති දෙයක් කියද්දි හිතන්නේ ඒක විරුද්ධ වෙනවා කියලා.
අපිට පුළුවන් වෙන්න ඕනේ ආසා නැති සිංදුවක් හරි අහගෙන ඉන්න.
අපි අහන්න ආසා නැති සිංදු ඔක්කොම ඕප් කරන්න වුණොත් මොකද වෙන්නේ.
බැසිල් රාජපක්ෂට තියෙන්නේ එක කොන්ත්‍රාත්තුවයි.. එයාගේ විශ්‍රාම දිවිය ගෙවන්නේ ඇමරිකාවේ.. ඇමරිකාවට පුළුවන් බැසිල්ව අත්අඩංගුවට ගන්න.. එහෙම වෙන්නේ නැත්නම් බැසිල් එහෙට ඕන විදිහට සේවය කරන්න ඕනේ.. ඇමරිකානු උපාය මාර්ගයට මේ රට ගොනුකරන එක තමයි බැසිල්ගේ කොන්ත්‍රාත්තුව.”