― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeWeatherපළාත් කිහිපයකට තද වැසි 

පළාත් කිහිපයකට තද වැසි 

උතුරු, උතුරුමැද සහ නැගෙනහිර පළාත් වල ඇතැම් ස්ථානවලට අද (04) මිලිමීටර් 100 ක පමණ තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, දකුණු, මධ්‍යම සහ ඌව පළාත්වල මෙන්ම රත්නපුර දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවලට සවස් කාලයේ හෝ රාත්‍රි කාලයේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව ය.

උතුරු, උතුරුමැද, නැගෙනහිර, වයඹ සහ ඌව පළාත්වල මෙන්ම මධ්‍යම කඳුකරයේ නැගෙනහිර බෑවුම් ප්‍රදේශ වලත් හම්බන්න්තොට දිස්ත්‍රික්කයේ සුළඟේ වේගය විටින් විට පැයට කිලෝමීටර් 40 සිට 50 දක්වා වැඩිවිය හැකි බව කාලගුණ අනාවැකියේ සඳහන් වේ.

මේ අතර මන්නාරම සිට කන්කසන්තුරය, ත්‍රිකුණාමලය සහ මඩකලපුව හරහා හම්බන්තොට දක්වා වෙරළට ඔබ්බෙන් වන ගැඹුරු සහ නොගැඹුරු මුහුදු ප්‍රදේශ වල නැවත දැනුම් දෙන තුරු ධීවර හා නාවුක කටයුතු වලින් වළකින්නැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ධීවර ප්‍රජාවට දැනුම් දෙයි.

ඒ, නිරිත දිග බෙංගාල බොක්ක සහ ඊට යාබද ගිණිකොන දිග බෙංගාල බොක්ක ආශ්‍රිතව පැවති පීඩන අවපාතය ගැඹුරු පීඩන අවපාතයක් දක්වා වර්ධනය වීම හේතුවෙනි.