27.8 C
Colombo
Saturday, June 13, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsණය කාඩ්පත් පොලියත් ඉහළට

ණය කාඩ්පත් පොලියත් ඉහළට

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ස්ථාවර තැන්පතු පහසුකම් අනුපාතිකය සහ ස්ථාවර ණය පහසුකම් අනුපාතිකය ඉහළ නැංවීමට තීරණය කර තිබේ.

මහ බැංකු මුදල් මණ්ඩලය ඊයේ (03) රැස්වූ අවස්ථාවේදී දේශීය ආර්ථික ක්‍රියාකාරකම්වල පවතින අඛණ්ඩ බාධාවන් සැලකිල්ලට ගනිමින් මෙම තීරණය ගෙන ඇත.

මහ බැංකුව ප්‍රකාශ කළේ මහ බැංකුවේ ස්ථාවර තැන්පතු පහසුකම් අනුපාතිකය සහ ස්ථාවර ණය පහසුකම් අනුපාතිකය පදනම් ඒකක 100 බැගින් ඉහළ නංවා ඇති බවයි.

ඒ අනුව ස්ථාවර තැන්පතු පහසුකම් අනුපාතිකය සියයට 6.5 දක්වාද ස්ථාවර ණය පහසුකම් අනුපාතිකය සියයට 7.5 දක්වාද ඉහළ යනු ඇත. පොලි අනුපාත බලාත්මක කිරිමට අදාළ උපදෙස් ඉදිරියේදී නිකුත් කිරිමට නියමිතය.

මේ අතර ණය කාඩ්පත් මත අයකළ පොලිය ද සියයට 20 දක්වා ඉහළ දමා ඇති අතර ඉන්ධන මිල සහ විදුලි ගාස්තු ඉහළ දමන ලෙසද මහ බැංකුව විසින් රජයට නිර්දේශ කර තිබේ.