30 C
Colombo
Friday, February 20, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsLocalරාගම වෛද්‍ය පීඨ සිද්ධියට අරුන්දිකගේ සම්බන්ධයක් නැහැ

රාගම වෛද්‍ය පීඨ සිද්ධියට අරුන්දිකගේ සම්බන්ධයක් නැහැ

රාගම වෛද්‍ය පීඨයේ නේවාසිකාගාර පරිශ්‍රයේදී සිසුන් දෙපිරිසක් අතර ඇති වූ සිදුවීමට හිටපු රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දුගේ සම්බන්ධයක් නොමැති බව හෙළි වී තිබේ.

2022 පෙබරවාරි 01 වැනිදා රාගම වෛද්‍ය පීඨයේ නේවාසිකාගාර පරිශ්‍රයේදී සිසුන් දෙපිරිසක් අතර ගැටුමක් වාර්තා වූ අතර ඒ සම්බන්ධව පරීක්ෂා කර වාර්තාවක් ඉදිරිපත් කිරීමට ජනාධිපතිවරයා විසින් අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලගේ සභාපතිත්වයෙන් කමිටුවක් පත් කළේය.

එම වාර්තාව ඊයේ (03) ජනාධිපතිවරයාට භාර දී තිබේ. එහි දැක්වෙන්නේ නීතිය අපක්ෂපාතීව ඉටු කිරීම සඳහා ඔහු ඉඩ ලබාදී ඇති බවයි. ඒ අනුව සියලු කරුණු සැලකිල්ලට ගෙන හිටපු රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු නිර්දෝශි අයෙකු බව නිගමනය කරන බව කමිටුව වාර්තාව මගින් දක්වා ඇත.

එහිදී අනාවරණය වී ඇත්තේ එම සිදුවීම තෙවන හා සිව්වන වසරවල සිසුන්ගේ වගකීම් විරහිත ක්‍රියාවක් බවත් සැලසුම් සහගතව හා චේතනාන්විතව සිදුකළ ගැටුමක් නොවන බවත්ය. සිද්ධිය සම්බන්ධයෙන් හිටපු රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දුගේ පුත්‍රයාද අත්අඩංගුවට ගැණිනි.