27.2 C
Colombo
Monday, July 21, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඊයේ ගොඩබෑ ඩීසල් ප්‍රමාණවත් දින තුනකට පමණයි

ඊයේ ගොඩබෑ ඩීසල් ප්‍රමාණවත් දින තුනකට පමණයි

මේ වනවිට ගොඩබානු ලැබූ ඩීසල් මෙටි‍්‍රක් ටොන් 37,300 ප‍්‍රමාණවත් වන්නේ දින තුනක පමණ කාලයකට පමණක් බව ඛනිජ තෙල් සංස්ථාව පවසයි.

මෙම තෙල් තොගයෙන් ඩීසල් මෙටි‍්‍රක් ටොන් 8000 ක් විදුලිබලාගාර සඳහා ලබාදීමට නියමිත අතර ඉන් මෙටි‍්‍රක් ටොන් 5000 ක් සුපිරි ඩීසල් වර්ගයට අයත්ය.

ඒ අනුව ප‍්‍රවාහන කටයුතු සඳහා ඉතිරිව ඇති ඩීසල් ප‍්‍රමාණය මෙටි‍්‍රක් ටොන් 24,300 කි. සාමාන්‍යයෙන් මෙරට ප‍්‍රවාහන කටයුතු සඳහා දිනකට ඩීසල් මෙටි‍්‍රක් ටොන් 5500 ක් පමණ අවශ්‍ය වන අතර මේ දිනවල පවතින හිගය හා අධික ඉල්ලූම මත එම ඩීසල් දින තුනකින් අවසන්වී යා හැකි බව සංස්ථාව අවධාරණය කරයි.

එමනිසා යම්කිසි සීමාවකට යටත්කර ඉන්ධන බෙදාහැරීමට සිදුව ඇති බව එහි නිලධාරීහු කියා සිටියහ.