28.4 C
Colombo
Wednesday, June 17, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsයළි ලංකාවට ණය නොදෙන බව චීනය කියයි

යළි ලංකාවට ණය නොදෙන බව චීනය කියයි

යළි ශ‍්‍රී ලංකාවට ණය ලබා නොදීමට චීනය තීරණය කර තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා පළ කර තිබේ.

දිවයිනට පැමිණ සිටින ඉහළ පෙලේ චීන නියෝජිතයන් පිරිසක්, චීන රජයේ එම තීරණය පිළිබදව මෙරට බළධාරීන් දැනුම්වත් කර තිබේ.

මෙම ණය ලබා නොදීමේ තීරණයයට කරුණු දෙකක් බලපා ඇති අතර චීනයෙන් එවා තිබුණු ප‍්‍රමිතියෙන් තොර කාබනික පොහොර නැව නැවත හරවා යැවීම හා
මධ්‍යම අධිවේගයේ තුන්වන කොටසේ ඉදිකිරීමේ කොන්ත්‍රාත්තුව චීන සමාගමට ලබා නොදීම මෙම හේතු දෙකයි.

මධ්‍යම අධිවේගයේ තුන්වන කොටස ඉදිකිරීමේ කටයුතු අඩු ලංසු ඉදිරිපත් කළ චීන සමාගමට ලබා නොදී දේශීය කොන්තරාත්කරුවකුට ලබා දීමෙන් විශාල මූල්‍ය වංචාවක් සිදුවීමට යන බව විවිධ පාර්ශ්ව විසින් චෝදනා කර තිබුණි. කෙසේ නමුත් විෂය භාර අමාත්‍යවරයා වෙන ජොන්ස්ටන් ප‍්‍රනාන්දු එම චෝදනා තරයේ ප‍්‍රතික්ෂේප කරයි.