29 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsPoliticalජනපති නිවස ඉදිරිපිට විරෝධයෙන් පසු හිරුණිකාගේ නිවස වටළලා

ජනපති නිවස ඉදිරිපිට විරෝධයෙන් පසු හිරුණිකාගේ නිවස වටළලා

ඊයේ (05) දහවල් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ මිරිහාන නිවස ඉදිරිපිට සමගි වනිතාවන් විසින් විරෝධතාවයක් සිදු කර තිබේ.

ඔවුන් එම විරෝධතාව පවත්වා ඇත්තේ ගෑස්, ඉන්ධන හා අත්‍යවශ්‍ය භාණ්ඩවල මිල අඩු කරන ලෙසයි. හිරුණිකා ප්‍රේමචන්ද්‍ර හා නිරෝෂා අතුකෝරලගේ නායකත්වයෙන් මෙම විරෝධතාව පවත්වා ඇති බව වාර්තා වෙයි.

මේ අතර ඊයේ සවස හිරුණිකාගේ විරෝධයට එකට එක කිරීමක් ලෙස අරංගල ප්‍රදේශයේ පිහිටි ඇගේ නිවස ප්‍රාදේශීය දේශපාලකයින් පිරිසක් වට කර තිබේ. ඒ හේතුවෙන් ඊයේ සවස 7 ට පමණ සජීවීව ෆේස්බුක් වෙත පැමිණි හිරුණිකා
පැවසුවේ රටේ ජනතාව වෙනුවෙන් තිබෙන ප්‍රශ්න ගැන දැනුවත් කිරීමට විරෝධයක් පළ කළ පසුව තමන්ගේ දරුවන් තිදෙනෙකු සිටින නිවස ඉදිරිපිටට පිරිසක් යොමු කර එකට එක කිරීම විසුළු සහගත බවයි.

තමා සිටින්නේ නිවසින් පිටත බවත් කවුරුන් හෝ ජනපතිට කඩේ යන දේශපාලකයෙකු මේ පසුපස සිටිය හැකි බවත් තමා විශ්වාස කරන බවත් ඇය එහිදී පැවසුවාය.
තමාගේ නිවසට හානියක් කරන්නට කිසිවෙකු උත්සාහ කරන්නේ නම් ඒ ගැන තමා තදින් ක්‍රියා කරන බවත් පොලිසියට හා ජාත්‍යන්තරයට යන බවත් ඇය දන්වා සිටියාය.

https://fb.watch/bzUzR9cXsG/