― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsPoliticalරටේ ඉන්ධන අර්බුදයක් තිබුණේ නැහැ

රටේ ඉන්ධන අර්බුදයක් තිබුණේ නැහැ

පසුගිය දිනවල තෙල් අර්බුදයක් පිළෛබඳ කතාබහට ලක්වුණත් එවැනි ඉන්ධන අර්බුදයක් නොතිබූ බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ පවසයි.

අග්‍රාමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ ඊයේ (05) කුරුණෑගල පැවති උත්සවයකට එක්වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍යවරයා,

“පහුගිය දවස්වල තෙල් අර්බුදයක් ගැන කතා වුණා. ඇත්ත වශයෙන්ම අර්බුදයක් තිබුනේ නැහැ. නැව් ගෙන්නලා තිබුණා. ඒ නැවෙන් බාන්න එක විතරයි කරන්න තිබුණේ. මොකද අපේ යුගවල සමහර විට පැය 24යි තෙල් තිබුනේ. යම් යම් වැරදි ප්‍රකාශ නිසා දවස් 04යි තියෙන්නේ දවස් 03යි තියෙන්නේ කියනකොට මිනිස්සු කලබල වෙනවා. එවැනි අවස්ථාවලදී යම් යම් අනවශ්‍ය ප්‍රකාශ කිරීම නිසයි මිනිස්සු බිය වෙලා පෝලිම් හැදුණේ. දේශපාලනමය වශයෙන් අවබෝධයක් නොමැතිකම හෝ පළපුරුද්දක් නැතිකම තුලින් ඇති වෙච්ච දේවල්. නුමුත් අද ඒ තත්ත්වය වෙනස් වෙලා තියෙනවා. අද වෙනකොට ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා බොහොම පැහැදිලිව තමන්ගේ අදහස් ප්‍රකාශ කරමින් තමන්ගේ රට සංවර්ධනය කරන්නට පියවර අරගෙන තියෙනවා.”