― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsLocalමෙරට විශාලතම සිමෙන්ති කර්මාන්තශාලාව අද විවෘත කෙරේ

මෙරට විශාලතම සිමෙන්ති කර්මාන්තශාලාව අද විවෘත කෙරේ

හම්බන්තොට මිරිජ්ජවිල අපනයන සැකසුම් කලාපයේ අක්කර 63 ක භූමිය පුරා ඉදිවන ලොව විශාලතම සිමෙන්ති කර්මාන්තශාලා මුල් විස්ස අතරට එක්වන නව කර්මාන්තශාලාව අද (07) විවෘත කිරීමට නියමිතය.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ යන මහත්වරුන්වරුන්ගේ ප්‍රධානත්වයෙන් එය විවෘත කෙරේ. ඒ අනුව මෙරට කර්මාන්ත අමාත්‍යංශයේ ලියාපදිංචි දේශීය සිමෙන්ති කම්හල් 06 අතරට අලුතින් එක්වන නව කර්මාන්තශාලාව මෙයයි.

හම්බන්තොට මිරිජ්ජවිල අපනයන සැකසුම් කලාපයේ නව තෙල් පිරිපහදුව සහ සිමෙන්ති කර්මාන්ත ශාලාවට පසුගිය යහපාලන ආණ්ඩුව සමයේදී මුල්ගල් තැබූ අතර
මෙම නව සිමෙන්ති කම්හල මගින් වසරකට මෙට්‍රික් ටොන් මිලියන 2.4 ක සිමෙන්ති ධාරිතාවක් වෙළෙඳපොළට නිකුත් කිරීමට හැකිවනු ඇතැයි ඇස්තමේන්තු කර ඇත.

ඒ අනුව මෙම නව සිමෙන්ති කර්මාන්තශාලාව හරහා දැනට වෙළදපොලේ පවතින සිමෙන්ති හිගය මගහරවා ගැනීමට හැකිවනු ඇති බවට අනාවැකි පළ කරයි.