― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsරවී සෙනවිරත්නගෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්

රවී සෙනවිරත්නගෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්

තමන්ව අත්අඩංගුවට ගැනීම සහ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවා ගැනීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු නියෝජ්‍ය පොලිස්පති රවී සෙනවිරත්න විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කර තිබේ.

එමෙන්ම කූට වාර්තා පදනම් කරගෙන තමන්ට එරෙහිව කුලියාපිටිය මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ ගොනු කර ඇති “බී” වාර්තාව අත්හිටුවීමේ නියෝගයක් නිකුත් කරන ලෙසත් ඔහු ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා තිබේ.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සහකාර පොලිස් අධිකාරී එමිල් රන්ජන් ලමාහේවා, එහි කාන්තා පොලිස් පරීක්ෂක නිරෝශනී පතිරණ, එහි අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කවින්ද පියසේකර, මහජන ආරක්ෂක ඇමැති, එම අමාත්‍යාංශ ලේකම් , නීතිපති ඇතුළු දහ හතර දෙනෙකු මෙහි වගඋත්තරකරුවන් ලෙස නම් කර ඇත.

පාස්කු දින සිදු වූ ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් තමන් වගකිවයුතු බවට චෝදනා කරමින් මහජන ආරක්ෂක අමාත්‍යංශ ලේකම්වරයාට නිර්නාමික පෙත්සමක් ලැබී ඇති බවත් ඒ මත විමර්ශන සිදු කළ බව කියමින් “බී” වාර්තාවක් කුලියාපිටිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉකුත් පෙබරවාරි මස 10වැනිදා ඉදිරිපත් කළ බවද තමන්ට දැන ගැනීමට ලැබුණු බව පෙත්සම්කරු සදහන් කළේය.

පාස්කු ඉරිදා ප්‍රහාරය එල්ල කළ සහරාන්ගේ බිරියගේ නිවසට ගිය පරීක්ෂණ කණ්ඩායමට එම පරීක්ෂණ නිසිලෙස සිදු කිරීමට එවකට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය පොලිස්පති වරයාව සිටි තමා පියවර නොගත් බවට එමගින් චෝදනා කර ඇතැයිද පෙත්සම්කරු සදහන් කළේය.

තමා විමර්ශන ක්‍රියාදාමයට සම්බන්ධ නොවූ අයකු බව පෙන්වා දෙන පෙත්සම්කරු තමන් විසින් සිදු කරන ලද්දේ අදාල දෙපාර්තමේන්තුවේ පරිපාලන කටයුතු බවත් පවසයි. එසේ තිබියදී අදාළ බී වාර්තාව පදනම් කරගෙන තමන් කවර හෝ අවස්ථාවක අත්අඩංගුවට ගැනීමේ සූදානමක් ඇති බැවින් එමගින් සිය මූලික අයිතිවාසිකම් උල්ලංඝණය විය හැකි බවට තීන්දුවක් ලබාදෙන ලෙසද පෙත්සම්කරු අධිකරණයෙන් ඉල්ලා තිබේ.

එසේම ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතේ 9(1) වගන්තිය යටතේ තමන් අත්අඩංගුවට ගැනීම සඳහා ආරක්ෂක ඇමැති වරයා වශයෙන් රැදවුම් නියෝග නිකුත් කිරීමෙන් ආරක්ෂක අමාත්‍ය ගෝඨාභය රාජපක්ෂ මහතා වලක්වන අතුරු නියෝගයක් නිකුත් කරන ලෙස ද මෙම පෙත්සම් මගින් ඔහු අධිකරණයෙන් ඉල්ලා ඇත.

ඊට අමතරව සිය මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වීම වෙනුවෙන් වග උත්තරකරුවන්ගෙන් රුපියල් මිලියන 100 ක වන්දියක් අය කර දෙන මෙන් නියෝග නිකුත් කරන ලෙසත් පෙත්සම්කරු ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා තිබේ.