― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsතවත් ආයතන දෙකක් කෝප් කමිටුව හමුවට

තවත් ආයතන දෙකක් කෝප් කමිටුව හමුවට

මේ සතියේදී පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව (කෝප් කමිටුව) හමුවට සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සහ සමුද්‍රීය පරිසර සංරක්ෂණ අධිකාරියේ ප්‍රධානීන් කැඳවීමට එම කමිටුව තීරණය කර ඇත.

ඒ අනුව සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ ප්‍රධානීන් අනිද්දා (10) දිනයේද සමුද්‍රීය පරිසර සංරක්ෂණ අධිකාරියේ ප්‍රධානීන් ලබන 11 වැනිදාද කෝප් කමිටුව හමුවට කැඳවීමට නියමිතය.

එම ආයතන දෙකේ සිදුවී ඇතැයි පැවසෙන විවිධ දූෂණ වංචා සහ අක්‍රමිකතා සම්බන්ධයෙන් රජයේ විගණකාධිපති දෙපාර්තමේන්තුව ඉදිරිපත් කර ඇති තොරතුරු ගැන කරුණු විමසීම සඳහා ඒවායේ ප්‍රධානීන් කෝප් කමිටුවට මෙසේ කැදවෙන බව පාර්ලිමේන්තු ආරංචිමාර්ග සඳහන් කරයි.

භූ විද්‍යා හා පතල් කාර්යාංශයේ ප්‍රධානීහු කෝප් කමිටුව හමුවට පසුගිය සතියේදී කැඳවනු ලැබූහ. පවතින සෞඛ්‍යමය තත්වය හේතුවෙන් පාර්ලිමේන්තු කමිටු රැස්වීම්වලට සීමිත නිලධාරින් පිරිසක් පමණක් පිටස්තරින් කැඳවීමට තීරණය කර ඇතැයිද වාර්තා වෙයි.