මවක, සොයුරියක, දියණියක, මිතුරියක මෙන්ම රටේ ශ්‍රම බලකායට දායක වෙමින් ආර්ථිකයටද ශක්තියක් වන ව්‍යවසායිකාවකගේ භූමිකාවද නිරූපනය කරන කාන්තාව පිළිබඳ ඇගයීමට ලක්කරන ජාත්‍යන්තර කාන්තා දිනය සෑම වසරකම මාර්තු මස 08 වැනිදාට එනම් අද වැනි දිනයක යෙදී ඇත.
ඒ නිමිත්තෙන් ‘රටකි, දැයකි, ලොවකි, ඇය’ තේමාව පෙරදැරිව දැයේ කාන්තාවන් වෙනුවෙන් අද සිට අප්‍රේල් 07 වැනිදා දක්වා වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කර තිබේ.
මේ නිමිත්තෙන් අප රටෙහිද විවිධ වැඩසටහන් මාලාවක් සංවිධානය කර තිබේ. මෙවර කාන්තා දින අන්තර්ජාතික තේමාව වන ‘තිරසර හෙටක් සඳහා අද දිනයේ ස්ත්‍රී පුරුෂ සමානාත්මතාව’ (GENDER EQUALITY TODAY FOR A SUSTAINABLE TOMORROW) යන්නයි.
මෙවර ජාත්‍යන්තර කාන්තා දින සැමරුම් ජාතික උත්සවය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන්, මැති ඇමැතිවරුන් සහ කාන්තාවන් 600 දෙනකුගේ සහභාගීත්වයෙන් කොළඹ සිරිමාවෝ බණ්ඩාරනායක අනුස්මරණ ප්‍රදර්ශන ශාලාවේ අද පෙරවරුවේ පැවැත්වේ.