32.2 C
Colombo
Thursday, March 26, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsLocalත්‍රිකුණාමලයේ වෙඩි තැබීමක් - දෙදෙනෙක් රෝහලේ

ත්‍රිකුණාමලයේ වෙඩි තැබීමක් – දෙදෙනෙක් රෝහලේ

ත්‍රිකුණාමලය, කින්නියා ප්‍රදේශයේ මහාමාරු නඩ උත්තු සුනාමි ගම්මානයේ පල්ලියක් ආසන්නයේ සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයින් දෙදෙනෙකු තුවාල ලබා තිබේ.

පොලීසිය පැවසුවේ යතුරුපැදියකින් ගමන්කරමින් සිටි දෙදෙනෙක්ට යතුරුපැදියකින් පැමිණි තවත් දෙදෙනෙක් විසින් එම වෙඩිතැබීම සිදුකර ඇති බවයි.

ඉන් තුවාල ලැබූ දෙදෙනා පළමුව කින්නියා රෝහලට ඇතුළත් කර පසුව වැඩිදුර ප්‍රතිකාර සඳහා ත්‍රිකුණාමලය රෝහලට මාරුකර යවා ඇති අතර තුවාල ලැබූ පුද්ගලයින් දෙදෙනා වයස අවුරුදු 30ක් සහ 33ක් වූ කින්නියා 05 ප්‍රදේශයේ පදිංචි දෙදෙනෙකි.

පුද්ගලික ආරවුලක් මත මෙම වෙඩි ප්‍රහාරය එල්ල කර ඇති බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වි ඇති අතර සිද්ධියට සම්බන්ධ සැකකරුවන් දෙදෙනෙක් මේ වනවිට හදුනාගෙන තිබේ.

කින්නියා පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදුකරයි.